gossiplanka alexa ලබන සතිය වනවිට ලංකාවේ ඉදිකිරීම් සියල්ල නවතී ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලබන සතිය වනවිට ලංකාවේ ඉදිකිරීම් සියල්ල නවතී ද ?

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසන්නේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ ඉදිකිරීම් බොහෝ විට ලබන සතිය වන විට නවතා දැමීමට සිදුවන බවයි. මේ වනවිටත් එම ඉදිකිරීම් 50%කින් නතර වී ඇති බව එම සංගමයේ සභාපතිවරයා පවසනවා. 

"ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩලය 22වනදා ‍රැස්වෙනවා. එහිදී අපි තීරණයක් ගන්නවා අපි මේ රටේ ඉදිකිරීම් නතර කරනවා කියලා. දැනට 50%ක් නතර වී තිබෙනවා රටෙහි පවතින තත්ත්වය මත. අනෙක් කරුණ නම් ආර්ථික ගැටළු හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වීම් ද නතර වී තිබෙනවා. සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් ඉතා බැරෑරුම් ආර්ථික තත්ත්වයකයි පසුවන්නේ. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කරනවා. 22 වනදා ‍රැස්වීමෙන් පසු අපි තීරණයක් ගන්නවා ඉදිකිරීම් නතර කිරීමට. 

විනාශකාරී ආර්ථික රටාවකට යන්න අපි කිසිසේත්ම කැමති නැහැ. වසංගත තත්ත්වය හේතුවෙන් ගෝලිය වශයෙන් ඇති වූ ආර්ථික පීඩනය දරාගෙන රටේ සාධාරණ කළමනාකාරීත්වයකින් යුක්තව ආර්ථිකය හසුරුවන්න කියලා අපි ඉල්ලනවා. එහෙම වුණොත් අපි මෙයට නැවත යොමුවනවා. නැත්නම් අපි අත හරිනවා" ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපතිවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu