gossiplanka alexa ඩොලර් අර්බුදය නිසා තානාපති කාර්යාල තුනක් වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඩොලර් අර්බුදය නිසා තානාපති කාර්යාල තුනක් වසා දැමේ

ඩොලර් අර්බුදය හේතුවෙන් තානාපති කාර්යාල තුනක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉරාක ජනරහයේ බැග්ඩෑඩ් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ ඔස්ලෝහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය මෙලෙස තාවකාලිකව වසා දැමීමටයි තීරණය කර ඇත්තේ. 

මෙය 2021 මාර්ති 31 වන දින සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මේ වන විට යොමුකර තිබෙනවා. ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල 63 සඳහා මුදල් ගෙවීම සහ අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා. ඒ රටේ විදේශ විනිමය සංචිත තුළ පවතින හිඟය හේතුවෙන්. 

මෙම කාර්යාල තුන වසා දැමීමෙන් මතුවන අතිරේක කාර්යභාරය පිළිබඳ සලකා යෝජිත අභිනවයෙන් අක්ත ගන්වනු ලබන ශ්‍රී ලංකා දුත මණ්ඩල කාර්යාල සඳහා සුදුසු පරිදි නව සේවක තනතුරු ඇති කිරීමට සිදුවිය හැකි බවයි කැබිනට් පත්‍රිකාවේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu