සාමාන්‍යයෙන් මාසයක් තුළදී ගෑස් තොග සහිත නෞකා 10ක් මෙරටට ළඟාවන අතර දින තුනකට වරක් ඒවායේ පැමිණීම සිදුවනවා. මෙරට පවතින ඩොලර් හිඟය නිසා එසේ ගෑස් නෞකා නියමිත පරිදි මෙරටට ළඟා වන්නේ නැහැ. අවශ්‍ය පරිදි ඩොලර් හිමිවන්නේ නම් ගෑස් හිඟයක් ඇති නොවන ලෙස ගෑස් මිලදී ගැනීම් සිදු කල හැකි බව ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශකවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා.