gossiplanka alexa තෙල් පෝලිමේ ආරවුලක් නිසා පුද්ගලයෙක්ගේ ජීවිතය අහිමි වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තෙල් පෝලිමේ ආරවුලක් නිසා පුද්ගලයෙක්ගේ ජීවිතය අහිමි වෙයි

ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඇති කරගත් ආරවුලක් මත එක් පුද්ගලයෙකුට ජීවිතය අහිමි ව ගොස් තිබෙනවා.

ඊයේ (20) රාත්‍රියේ දී නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසල දී මෙම ගැ‍ටුම ඇති වී තිබෙන බවයි සඳහන් වන්නේ. ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙන් සහ ත්‍රී රෝද රථ රියදුරෙක් අතර යම් ආරවුලක් ඇති වී තිබෙනවා. පසුව ත්‍රී රෝද රථ රියදුරු ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරියට ගොස් ත්‍රී රෝද රථය නවතාගෙන සිට ඇති අතර යතුරුපැදිකරු ඉන්ධන ලබා ගැනීමෙන් පසුව පැමිණීමේදී ත්‍රී රෝද රථ රියදුරු විසින් ඔහුට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. යතුරුපැදිකරුට බරපතල ලෙස තුවාල සිදු කර ත්‍රී රෝද රථ රියදුරු පලාගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

තුවාලකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පවසනවා. මියගොස් ඇත්තේ කොළඹ 14 පදිංචි 28 හැවිරිදි තරුණයෙක්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu