gossiplanka alexa මෙතෙක් ලොව නොදු‍ටු නවීන අවි රුසියානු සටනට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙතෙක් ලොව නොදු‍ටු නවීන අවි රුසියානු සටනට

මෙතෙක් භාවිතා නොකල නවීන අවි යුක්‍රේන ආක්‍රමණයේ දී භාවිතා කිරීමට රුසියන් ජනාධිපති පුටින් විසින් රුසියානු ආරක්ෂක කවුන්සිලයට අනුමැතිය ලබා දී තිබෙනවා. 

මෙතෙක් ලෝකයට ප්‍රසිද්ධ නොකළ කිංසාල් හයිපසොනික් අවි, නවීනතම ඩිටෙක්ටිව් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් නව යුද උපක්‍රම යටතේ යුක්‍රේන ඉලක්ක වෙත ප්‍රහාර  දියත් කිරීමට පුටින් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන බව සඳහන්. 

ශබ්දයේ වේගය මෙන් දස ගුණයක වේගයෙන් ගමන් කරන නවීනතම මිසයිල ප්‍රහාරයක් රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ ඉවානෝ ෆ්‍රැන්සිස් නගරයට එල්ල කර ඇති අතර එය ගුවන් ආරක්ෂක පද්ධතිවලට පවා හඳුනා ගැනීමට නොහැකි වී තිබෙන බවයි යුක්‍රේන ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ. 

එසේම නවීනතම හයිපසොනික් මිසයිල ප්‍රහාරයක් ද යුක්‍රේනයේ මයිකලොව් නගරයට එල්ල වී තිබෙනවා. 

මේ වන විට රුසියාව විසින් යුක්‍රේනයේ ඇන්ටනෝව් ගුවන් හමුදා කඳවුර ද තම යටතට පත් කර ගෙන තිබෙන අතර එය යුක්‍රේනයට විදේශ අවි ලබා දෙන මර්මස්ථානයක් වූ රුමේනියා දේශසීමාව ආසන්නයේ පිහිටි ගුවන් හමුදා කඳවුරක්. එසේම යුක්‍රේනයට අසව් මුහුදට පිවිසීමට හැකි වූ මරියපෝල් නගරය ආශ්‍රිත ප්‍රදේශ සියල්ලම ද රුසියාව විසින් වටලා ඇති බව සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu