gossiplanka alexa "ගසක් කපනවානම් ගසක් සි‍ටුවන්න" නව චක්‍රලේඛයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"ගසක් කපනවානම් ගසක් සි‍ටුවන්න" නව චක්‍රලේඛයක්

නව දැව හෙලීම් බලපත්‍ර ලබා දීමේදී ඊට සරිලන නව ශාකයක් රෝපණය කළ යුතු බවට දන්වමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. වාරිමාර්ග අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් ඒ පිළිබඳව රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා තිබෙන බව සඳහන්. 

ඒ අනුව සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ග්‍රාම නිලධාරී වරුන්ට  එම උපදෙස් ඇතුලත් චක්‍රලේඛනය පසුගියදා නිකුත් කරන ලද අතර 2022.03.31 වන දිනෙන් පසු නිකුත් කරනු ලබන සෑම දැව හෙලීම් බලපත්‍රයක් සඳහාම මෙම නීතිය වලංගු වනවා.

ඒ අනුව නව දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීමේදී පහත කරුණු අනුගමනය කළ යුතුයි.

  • දැව හෙලීම් බලපත්‍රය නිකුත් කරනු ලබන ශාක වර්ගයම රෝපණය කළ නොහැකි නම්,  එම ශාකය මගින් මිහිමවට දායාද කළ ජෛවීය ගුණයන් හා ප්‍රමාණයන්ට සරිලන ප්‍රමාණාත්මක හා ගුණාත්මක සේවාවක් සලසන ශාක විශේෂයක් බලපත්‍ර ලාභියා විසින්  සිටුවිය යුතුයි
  • දැව හෙලීම් බලපත්‍රය හිමි ඉඩමේ අයිතිකරුවන්  විසින් පැල රෝපණය කළ යුතු අතර ව්‍යාපාරිකයෙකු වෙත බලපත්‍ර නිකුත් කරනු ලබන අවස්ථාවකදී, එම ව්‍යාපාරිකයා විසින් බලපත්‍රයට ගෙවනු ලබන මිලට අමතරව නව රෝපණයට සුදුසු ශාක විශේෂ අදාළ ඉඩම් හිමියා ලබාදී එම ශාකය රෝපණය කළ යුතුයි. 
  • ව්‍යාපාරික කටයුත්තක් නොවන අවස්ථාවකදී  ඉඩම් හිමියා විසින් අදාළ ශාක විශේෂය තම වියදමින් සපයාගෙන බලපත්‍රය පරීක්ෂාවට  පැමිණෙන දිනයේ දී  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරීක්ෂාකර නිලධාරීන් ඒ පිළිබඳව දැනුවත් කර පැළ රෝපණය කළ යුතුය.
  •  ශාක රෝපණය සඳහා තම ඉඩම තුළ ප්‍රමාණවත් හා සුදුසු ඉඩකඩ නොමැති අවස්ථාවකදී ග්‍රාම නිලධාරියා විසින් නියම කරනු ලබන ප්‍රදේශයේ  පොදු ස්ථානයක අදාළ නව ශාක රෝපණය කළ යුතුයි.
  • දැව හෙලීම් බලපත්‍රය තුළින් හෙළීම් සිදුකිරීම සඳහා අවසර ලබා දී ඇති ශාක ප්‍රමාණයට සාපේක්ෂව ඊට සරිලන පැළ ප්‍රමාණයක් සිටුවීම සඳහා අදාළ ඉඩම් හිමියන්  හා ව්‍යාපාරිකයින් යොමු කළ යුතු අතර එය හෙළීම් සිදු කරන එක් ශාකයක් සඳහා අවම වශයෙන් එක් පැලයක් සිටුවිය යුතු අතර උපරිමය සීමාවක් නොමැත.
  • සිටුවනු ලබන පැළ පිළිබද විස්තර ඇතුලත් ලේඛනයක් ග්‍රාම නිලධාරී විසින් සහ ප්‍රාදේශීය ලේකම් විසින් වෙන වෙනම පවත්වාගෙන යා යුතු අතර තම වසම තුළ පැළ සිටුවනු ලබන සෑම අවස්ථාවකදීම ග්‍රාම නිලධාරී විසින් එම විස්තර තම සටහන් ලේඛනයේ ඇතුළත් කිරීමට වග බලා ගත යුතු අතර එහි පිටපතක් සමග දැව හෙළීම් ඉල්ලුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත  ලබාදිය යුතුයි.   
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් තම බල ප්‍රදේශය තුළ රෝපණය කළ පැල පිළිබඳව පවත්වාගෙන යන ලේඛනයට අනුව අදාළ පැල නඩත්තු පිළිබඳ ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ සිටින කාර්යාල  ගත සංවර්ධන නිලධාරීන් මගින්  මසකට වරක්  පසුවිපරමක් සිදු කළ යුතු අතර එහි පසුවිපරම වාර්තාව මාස තුනකට වරක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුය.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu