gossiplanka alexa මන්ත්‍රීවරුන්ගේ පවුලේ සාමාජිකයන්ට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මන්ත්‍රීවරුන්ගේ පවුලේ සාමාජිකයන්ට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට අප්‍රේල් 01 වනදා සිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය විවෘතව තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් භෝජනාගාර අංශයට උපදෙස් ලබා දී තිබෙනවා. 

කොරෝනා වසංගතය පැතිරීම ආරම්භ වීමත් සමඟම පාර්ලිමේන්තු සංකීර්ණයට පිටතින් අමුත්තන් හෝ පුද්ගලයින් පැමිණීම සම්පූර්ණයෙන් නතර කර තිබුණා. කෙසේ වෙතත් අලුතින් පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැකබලා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් පසුගිය කාලයේ දී ඉල්ලා තිබුණා. 

ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීමට අප්‍රේල් 01 වන දින සිට හැකි වන අතර ඔවුන් සඳහා භෝජනාගාරය ද විවෘතව පවතිනවා.

මෙලෙස පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල් වීමේ දී ඕනෑම පුද්ගලයෙකු එන්නත් මාත්‍රා තුනම ලබාගෙන ඇති බවට සහතික විය යුතු බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu