gossiplanka alexa සිමෙන්ති ගැටළුවට ලංකාවෙන්ම විසඳුමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිමෙන්ති ගැටළුවට ලංකාවෙන්ම විසඳුමක්

අක්කර 63ක භූමිය පුරා ඉදිවන ලොව විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා මුල් විස්ස අතරට එක්වන ලංවා සංස්ථා සිමෙන්ති (පුද්.) සමාගමේ නව කර්මාන්තශාලාව අද (07) හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දී විවෘත වීමට නියමිතයි. 

මේ සඳහා මුල්ගල තැබූවේ 2019 මාර්තු 24 වැනිදා එවක යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. 

වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2.4ක සිමෙන්ති ධාරිතාවක් මෙම සිමෙන්ති කර්මාන්තශාලාව මඟින් වෙළඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි ගණන් බලා තිබෙනවා. එසේම මේ හරහා ‍රැකියා දහස් ගණනක් ලබා දීමට ද අපේක්ෂා කරනවා. 

ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (පෞද්.) සමාගම සහ හම්බන්තොට ඉන්ටනැෂනල් පෝර්ට් ගෲප් (පෞද්.) සමාගම අතර විශේෂ ගිවිසුම් දෙකක් ඉකුත් වසරේදී අත්සන් තබනු ලැබුවා. ඒ මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ පිහිටි සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සහ හම්බන්තොට අන්තර්ජාතික වරාය එකිනෙක සම්බන්ධ කරමින්. 

ලංවා සංස්ථා සිමෙන්ති සමාගම වෙත අනුයුක්ත කර ඇති ජැටිය පරිශ්‍රයේ මෙහෙයුම් කටයුතු කිරීමට එම සමාගම සතු ෂිප් අන්ලෝඩර් දෙකකට මෙම ගිවිසුම හරහා අවස්ථාව ලැබෙනවා. වරාය සහ කර්මාන්තශාලාව යා කරන ඉහළම කාර්යක්ෂමතාවකින් යුත් කන්වේයර් බෙල්ට් එක නිසා අපතේ යෑම් සහ පරිසර දූෂණයද අවම වනවා. දුහුවිලි ඇතුළු නොවන පරිදි ආවරණය කර අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන මේ කන්වේයර් බෙල්ට් එක මඟින් පැයකට අමුද්‍රව්‍ය ටොන් 1,200ක් ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතිනවා. එසේම නවීනතම යටිතල පහසුකම් භාවිත කරමින් ටොන් 60,000ක ධාරිතාවෙන් යුත් නෞකාවකින් රුගෙන එනු ලබන අමුද්‍රව්‍ය දින 3ක් තුළ ගොඩබෑමට හැකිවනවා. 

පූර්ණ වශයෙන් ස්වයංක්‍රීය යන්ත්‍රසූත්‍ර මෙම කර්මාන්ත ශාලාවට ඇතුළත් වන අතර භාණ්ඩ ප්‍රවාහන නෞකා  3 කට සමාන ගබඩා පහසුකම් එය සතුවනවා. වරායේ සිට කර්මාන්තශාලාව දක්වා අමුද්‍රව්‍ය ප්‍රවාහනයට කිලෝමීටර් 2.1ක දිගින් යුත් කන්වේයර් බෙල්ට් එකක් යොදා තිබෙන අතර එයින් පැයකට ටොන් 1200ක වේගයෙන් අමුද්‍රව්‍ය කර්මාන්තශාලාව තුළට ගෙන්වාගැනීමට හැකිවනවා. හම්බන්තොට වරායේ සිට අමුද්‍රව්‍ය ස්වයංක්‍රීයව නළ මාර්ග ඔස්සේ  පැමිණ පැයකට සිමෙන්ති පැකට් ලක්ෂ 2ක් ඇසුරුම් බවට පත්වනවා. 

ලොව දියුණුතම යුරෝපීය තාක්ෂණය භාවිතා කෙරෙන මෙරට විශාලතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙය වනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu