gossiplanka alexa නැඳුන්ගමුවේ හස්තිරාජයා දැයෙන් සමුගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නැඳුන්ගමුවේ හස්තිරාජයා දැයෙන් සමුගනී

වසර ගණනාවක් ශ්‍රී දළඳා පෙරහර මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩම කරවූ නැදුන්ගමුවේ හස්තිරාජා අද අළුයම මියගොස් තිබෙනවා. 

නැඳුන්ගමුවේ හස්ති රාජයා 2006 වසරේ සිට මහනුවර ශ්‍රී දළඳා මාළිගා පෙරහැරේ කරඬුව වැඩම කරවනු ලබනවා. අවුරුදු පහක් තරම් කුඩා වයසේ දී නැඳුන්ගමුවේ හස්ති රාජයා ශ්‍රී ලංකාවට ‍රැගෙන විත් තිබෙනවා. 

ගම්පහ වැලිවේරිය නැඳුන්ගමුවේ සිට මහනුවර පෙරහරට එක්වීමට හස්තිරාජයා කිලෝමීටර 190ක් පමණ දුර ඇවිද යයි. හස්තිරාජයා පෙරහර මංගල්‍යයන්ට සහභාගී වීමට ඇවිද ගිය දුර ප්‍රමාණය කිලෝමීටර දහස් ගණනක්. 

හස්තිරාජයාගේ උස අඩි 10 1/2ක් පමණ වන අතර ගාම්භීරත්වය පෙන්නුම් කරන දළ යුගලය අඩි පහක් පමණ දිග වනවා. 

මිය යන විට නැඳුන්ගමුවේ හස්තිරාජයාගේ වයස අවුරුදු 69ක්. 

නැඳුන්ගමුවේ හස්තිරාජයාගේ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ලැබෙනු ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu