gossiplanka alexa තව සතියකින් රජයේ රෝහල් වසා දැමීමේ අවදානමක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තව සතියකින් රජයේ රෝහල් වසා දැමීමේ අවදානමක් ?

තව සතියකින් පමණ රජයේ සියළු රෝහල් වසා දැමීමේ අවදානමක් මතු විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා තිබෙනවා. එයට හේතුව වී ඇත්තේ රෝහල් වෛද්‍යවරුන් ඇතුළු සේවක මණ්ඩලයට ඉන්ධන පහසුකම්, ගෑස් පහසුකම්, අත්‍යවශ්‍ය ඖෂධ ආදිය හිඟ වීමයි. 

රෝහල්වල පවතින මෙම ගැටළුවලට රජයෙන් විසඳුම් ලබා නොදෙමින් නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරන බවත් ඒ හේතුවෙන් තව සතියකින් ලංකාවේ රෝහල් වැසී යාමේ තත්ත්වය මතු විය හැකි බවත් වෛද්‍යවරයා පවසා තිබෙනවා. 

"රෝහල් කාර්ය මණ්ඩලයට සේවයට එන්න ඉන්ධන අර්බුදය නිසා ප්‍රවාහන ගැටළු මතුවෙලා, රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට කෑම ටික උයාගන්න ගෑස් ප්‍රශ්නය මතුවෙලා, රෝගීන්ට දෙන්න ඖෂධ නැහැ, මේ ගැටළු රජයට පේන්නෙ නෑහැ, මේ තත්ත්වය උඩු දිව්වොත් සමස්ථ රෝහල් පද්ධතියම වහන්න වේවි. දැනටමත් කළුබෝවිල රෝහලේ ආපන ශාලා වැහිලා. අනිත් රෝහල්වලත් තත්ත්වය එහෙමයි" වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කරනවා.

ආශ්‍රිත : දිවයින

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu