gossiplanka alexa යුද්ධයේ පෙර නිමිති පෙන්වමින් යුක්‍රේනයට සයිබර් ප්‍රහාරයක්, ඉදිරි පැය 48 තීරණාත්මකයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුද්ධයේ පෙර නිමිති පෙන්වමින් යුක්‍රේනයට සයිබර් ප්‍රහාරයක්, ඉදිරි පැය 48 තීරණාත්මකයි

ඉදිරි පැය 48 යුක්‍රේනයට ඉතාමත් තීරණාත්මක කාලයක් වනු ඇති බව අමෙරිකානු බුද්ධි අංශ පවසනවා. එම කාලය තුළ දී යුක්‍රේනය ආක්‍රමණය කිරීමට රුසියාව සිය හමුදාවන් යොදවනු ඇති බවයි ඔවුන් පවසා සිටින්නේ. ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පාලනාධිකාරිය විසින් මේ පිළිබඳව යුක්‍රේන ජනාධිපතිවරයා ද දැනුවත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අමෙරිකාව ඇතුළු බටහිර රටවල් කිහිපයක්ම මේ වන විට රුසියාවට එරෙහිව සම්බාධක පනවා ඇති අතර රුසියාව පවසා ඇත්තේ අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශවිය රටවල් තම රට ඉලක්ක කර ගනිමින් සම්බාධක පැනවීම සිදුකරන්නේ නම් ඊට පිළිතුරු ලෙස වේදනාත්මක පිළිතුරක් බලාපොරොත්තු වන ලෙසයි.

මීට දින කිහිපයකට පෙර ඇමරිකානු බුද්ධි අංශය විසින් තොරතුරු අනාවරණය කර ගෙන තිබුණේ යුක්‍රේනය ආක්‍රමණය කිරීමට පෙර විශාල සයිබර් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවයි. එම තොරතුර සපථ කරමින් යුක්රේනයේ බැංකු, ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු එරට රජයට අයත් ප්‍රධාන පෙලේ ආයතන රැසක වෙබ් අඩවි ඉලක්ක කර ගෙන විශාල සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඒ අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට එරෙහිව සම්බාධක පනවා පැය 24ක් ගතවීමටත් පෙරයි. කෙසේ වෙතත් මෙම සයිබර් ප්‍රහාරය දියත් කරනු ලැබුවේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිතව පැවසිය නොහැකි බව යුක්රේන තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

මේ අතර යුක්‍රේන රජය විසින් සිය පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියාවෙන් ඉවත්වන ලෙසයි. යුක්‍රේන වැසියන් මිලියන 03ක් පමණ රුසියාවේ ජීවත්වන බව පැවසෙනවා. එසේම දින 30ක කාලයක් සඳහා යුක්‍රේනයට හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා. 

යුක්‍රේන ජනාධිපතිවරයා බටහිර රටවලින් විශේෂ ඉල්ලීමක් කරමින් සඳහන් කර ඇත්තේ හැකි තරම් රුසියාවට එරෙහිව සම්බාධක පනවන ලෙසයි. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu