gossiplanka alexa රාජ්‍ය ආයතන පෞද්ගලිකවම අධීක්ෂණයට ජනාධිපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය ආයතන පෞද්ගලිකවම අධීක්ෂණයට ජනාධිපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

රජයේ ඉදිරි සැලසුම් පිළිබඳ දැනුවත් කිරීමට ඊයේ (23) පෙරවරුවේ රාජ්‍ය නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා. 

එහිදී ජනාධිපතිවරයා පවසා ඇතේ තමා රාජ්‍ය ආයතන වෙත පෞද්ගලිකවම ගොස් අධීක්ෂණය කරන බව යි. එසේම ආණ්ඩුකාරවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද තමන් යටතේ ඇති ආයතන වෙත ගොස් අවශ්‍යතා සපුරාලමින්, සියලු සේවකයන් දිරිගන්වමින් ඉහළ අධීක්ෂණයක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

"රාජ්‍ය සේවය ඉතා විශාලයි. ජනතාවගේ සෑම අවශ්‍යතාවයකටම රාජ්‍ය සේවකයෙකුගේ මැදිහත් වීම සිදු වනවා. එම නිසා සියලුම රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවය ඉටුවනු දැකීම මගේ බලාපොරොත්තුවයි. රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරය වැඩ කිරීමට කැමතියි. අවශ්‍යව ඇත්තේ අධීක්ෂණය, උපදෙස් දීම සහ දිරිගැන්වීම මගින් ඔවුන්ගේ සේවය රටට ඵලදායීව ලබාගැනීමයි. ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ, පළාත් හා දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියලුම ඉහළ නිලධාරීන් ඒ සඳහා පෞද්ගලිකව මැදිහත්ව නායකත්වය ලබා දීමට අවශ්‍යයි. අප ඉන්නේ ජනතාව ජීවත් කරවීමටයි. ඊට පරිසරය සැකසිය යුතුයි. එහිදී නිලධාරීන්ගේ යුතුකම, වගකීම සහ මානුෂිකත්වය ද ඉතා වැදගත්. 

සේවා ඉටු කිරීමේ දී මධ්‍යම රජය සහ පළාත් සභාව යටතේ ඇති ආයතන ක්‍රියාත්මක විය යුත්තේ එකම රාජ්‍ය ප්‍රතිපත්තියකයි. හරිත කෘෂිකර්මාන්තය රජයේ ප්‍රධාන වැඩපිළිවෙළකි. 75%කට වඩා වූ ග්‍රාමීය ජනතාවගෙන් 90%ක් කෘෂිකර්මාන්තයේ හෝ ඒ ආශ්‍රිත ජීවිකාවක නිරත වෙති.  කාබනික වගාව අනාගත පරපුරේ යහපත් සෞඛ්‍ය වෙනුවෙනි. ඒ බව ඔවුන් දැනුවත් හා දිරිමත් කර, විශ්වාසය ගොඩනැගිය යුතුය. නිසි වේලාවට ප්‍රමිතියෙන් යුත් අදාළ කාබනික පොහොර බෙදා දීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකියි.

වැඩිවන විදුලි අවශ්‍යතාව සපුරාලීමට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් දායක කරගත හැකියි. ඒ සඳහා වූ කෙටි හා දිගුකාලීන රජයේ ඉලක්ක සපුරා ගැනීමට සහාය අවශ්‍යයි. දේශීය ආර්ථිකය ස්වයංපෝෂිත වැඩපිළිවෙළක් මගින් කළමනාකරණය  කිරීමේ අවශ්‍යතාවය ද පවතිනවා" යැයි ජනාධිපතිවරයා පවසා සිටියා.

එසේම මෙම සාකච්ඡාවේ දී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරු පවසා සිටියේ කාබනික පොහොර භාවිතයෙන් පළාත් මට්ටමින් ලැබූ අස්වැන්න පිළිබඳ සතුට විය හැකි බවයි. 

හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී මහ කන්නයෙන් ඉගෙන ගත් පාඩම් අධ්‍යයනය කර යල කන්නය සාර්ථක කරගැනීමට ගෙන ඇති ඉදිරි සැලසුම් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පෙන්වා දෙනු ලැබුවා. දිස්ත්‍රික් 25ට ආවේණිකව යෙදිය යුතු පොහොර හඳුනාගනිමින් ගොවීන් දැනුවත් කිරීම මේ වන විට අරඹා ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළා.

සියලු දිස්ත්‍රික්ක ආවරණය කෙරෙන පරිදි පස පරීක්ෂා කිරීමට අවශ්‍ය යන්ත්‍ර ලබා දී ඇති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටි අතර අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ අත්‍යාවශ්‍ය භාණ්ඩ කිසිඳු හිඟයකින් තොරව සැපයීමට පියවර ගෙන ඇති බවයි.  ගම් මට්ටමින් පවතින අඩුපාඩු විමර්ශනය කර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් තොරතුරු ලබාගැනීමේ යාන්ත්‍රණයක් සකස් කර ඇති බව ද බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දුන්නා. 










ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu