gossiplanka alexa කොරෝනා කරල නිපදවූ කරාපිටිය රෝහලේ දොස්තරගේ වැඩ තහනම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා කරල නිපදවූ කරාපිටිය රෝහලේ දොස්තරගේ වැඩ තහනම්

කොරෝනා මර්දනයට බෙහෙත් කරලක් නිපද වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාගේ වැඩ තහනම් කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබෙනවා. 

වැඩ තහනමට ලක් කල ලිපිය මේ වන විට කරාපිටිය රෝහලට සහ අදාළ වෛද්‍යවරයා වෙත යවා ඇති බවයි සඳහන් වන්නේ. වෛද්‍යවරයාගේ වැඩ තහනම් කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ද අවසරය හිමිව තිබෙනවා. 

කිසිදු පර්යේෂණ ක්‍රමවේදයකින් තොරව සකස් කල කිසියම් සංයෝගයක් "උම්බලකඩ සම්බල් සහ තුනපහ වර්ග අලෙවි කිරීම" සඳහා ලබා දුන් තත්ත්ව සහතිකයක් භාවිතා කරමින් අළුත්ගම ප්‍රදේශයේ ඇඹරුම්හලක දී නිපදවා අලෙවි කිරීම මෙම වෛද්‍යවරයාට එරෙහිව තිබෙන චෝදනාවක් වනවා. එසේම ඔහු විවිධ මාධ්‍ය ඔස්සේ සම්මුඛ සාකච්ඡා පවත්වමින් කොරෝනා මරණ පිළිබඳව අසත්‍ය ප්‍රචාර සිදු කිරීම මෙන්ම තමන් නිපදවා ඇති ඖෂධය හේතුවෙන් කොරෝනා මරණ සංඛ්‍යාව අඩුවී ඇති බව පැවසීම ද ඔහුට එරෙහිව ඇති තවත් චෝදනාවක්. 

ඒ සම්බන්ධයෙන් සිදුකල විනය පරීක්ෂණවලින් පසු ඔහුගේ සේවය මෙසේ අත් හි‍ටුවීමට පියවර ගත් බවයි පැවසෙන්නේ.

ආශ්‍රිත : මව්බිම


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu