gossiplanka alexa තෙල් මිල වැඩි කරනවාද ? නැද්ද ? අමාත්‍ය මණ්ඩල තීරණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තෙල් මිල වැඩි කරනවාද ? නැද්ද ? අමාත්‍ය මණ්ඩල තීරණය

පසුගිය දෙසැම්බර් 20 වනදා සිට ඊයේ දක්වා 38%කින් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගිහින් ගොස් තිබුණ ද ශ්‍රී ලංකාවේ තෙල් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (23) පාර්ලිමේන්තුව හමුවේ පවසා සිටියා. මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේ ඊයේ (22) අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දීර්ඝ සාකච්ඡාවක් සිදු කර තෙල් මිල ඉහළ නොදැමීමට තීන්දුවක් ගත් බවයි.

“රටේ ජනතාවගේ දැනගැනීම පිණිස කියන්න ඕනෙ මේ මොහොතේ දකුණු ආසියාවෙ අඩුම තෙල් මිල තියෙන්නෙ ලංකාවෙ. ලංකාවට වඩා ඒක පුද්ගල ආදායම අඩු ඉන්දියාවේ ඩීසල් මිල ලංකාවෙ මිලට වඩා දෙගුණයකටත් වඩා වැඩියි. සමස්ත ලෝකයෙම ගත්තත් ශ්‍රී ලංකාව විසිදෙවනියට තෙල් මිල අඩු රට විදියටයි වාර්තා වෙන්නෙ. ඒ්ක ගූගල් කරලා බැලුවොත් ඕන කෙනෙකුට හොයා ගන්න පුළුවන්. ලංකාවට උඩින් තියන රටවල් 21ම යහමින් තෙල් නිෂ්පාදනය කරන රටවල්”  යැයි ඇමතිවරයා වැඩි දුරටත් අදහස් දක්වා තිබෙනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu