gossiplanka alexa සේවක අර්ථ සාධක අරමුදල් පනත සංශෝධනය කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සේවක අර්ථ සාධක අරමුදල් පනත සංශෝධනය කෙරේ

සේවක අර්ථසාධක අරමුදලෙන් 30% ක් එම අර්ථසාධක හිමිකරුවන්ට පූර්ව ප්‍රතිලාභ තමන්ගේ  අවශ්‍යතාවයන්ට අනුව ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමින්  සේවක අර්ථ සාධක අරමුදල් පනත සංශෝධනය කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගිය දා පැවති  කම්කරු උපදේශක සභා මාසික රැස්වීමේදී. 

මෙතෙක් අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට එම 30% අරමුදල්  නිදහස් කළේ නිවාස ඉදිකිරීම හෝ ඒ සම්බන්ධ කාරණයක් හෝ රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීම යන කාරණා  සඳහා පමණයි. ඒ සඳහා අයදුම්කරුවන් ඒ වෙනුවෙන් විශේෂ ලේඛන රාශියක් ඉදිරිපත් කිරීමට තිබූ රෙගුලාසි හේතුවෙන්  විවිධ දූෂණ, අක්‍රමිකතා සහ වංචනික ක්‍රියා සිදු වන බවට  තොරතුරු ලැබී තිබුණා. එම කරුණු සලකා සහ එම විශේෂ ලිපි ලේඛන සකස් කිරීමට අයදුම්කරුට විශාල මුදලක් වැය වන බවට ලැබී තිබූ පැමිණීිලි සලකා බලා  එම අනවශ්‍ය වියදම් අවම කිරීමේ අරමුණින්  මෙම සංශෝධන ගෙන එන බව අමාත්‍යවරයා  මෙහි දී පවසා තිබෙනවා. 

ඒ අනුව ඉදිරියේ දි සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට තම ඕනෑම  අවශ්‍යතාවයක්  සඳහා සේවක අර්ථසාධක අරමුදලේ තම අරමුදල්වලින් 30% ඉතා පහසුවෙන් ලබා ගත හැකිවනු ඇතැයි  අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඒ අනුව වසර දහයක් අඛණ්ඩව සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් බැර වූ රුපියල් ලක්ෂ තුනකට වඩා වැඩි ශේෂයක්  තමා ගිණුමේ ඇති සාමාජිකයන්ට මෙම  30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා පවසනවා.

මෙම පනත් සංශෝධනයට ඇතුළත් කළ යුතු තවත් යෝජනා ඇත්නම් එම යෝජනා ඉදිරිපත් කරන ලෙස  ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති නියෝජිත   වෘත්තීය සමිති නායකයන් ගෙන් අමාත්‍යවරයා මෙහි දී  ඉල්ලා සිටියා. මෙම පනත් සංශෝධනයෙන් පසුව  තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, දරුවන්ගේ විවාහ කටයුතු, නිවාස අලුත්වැඩියා කටයුතු, වාහන මිලදී ගැනීම් වැනි කටයුතු  සඳහා ද සේවක අර්ථසාධක අරමුදල 30% පූර්ව ප්‍රතිලාභය ලබා ගැනීමේ අවස්ථාව ලැබෙන බව කම්කරු  දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. ලැබෙන බව කම්කරු  දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. 

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගෙන එන මෙම නව සංශෝධන තුළින් අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට මෙතෙක් කලක් පැවති බරපතල ගැටලුවක් විසඳෙන බවත්, මෙම පනත් සංශෝධනය තුළින් ලබාදෙන ප්‍රතිලාභ ලබා ගැනීමේ පහසුව  අරමුදලේ සාමාජිකයන්ට ඉමහත් සහනයක් වන බව  වෘත්තීය සමිති නායකයන් සහ සේව්‍ය පක්ෂයේ නියෝජිතයන් අවධාරණය කර සිටිනවා.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu