gossiplanka alexa රුසියානු පාර්ශ්වයකින් යුක්‍රේනයට ප්‍රහාරයක්, ඇමරිකාවෙන් ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියානු පාර්ශ්වයකින් යුක්‍රේනයට ප්‍රහාරයක්, ඇමරිකාවෙන් ප්‍රකාශයක්

රුසියාවට පක්ෂපාතීත්වය දක්වන සන්නද්ධ කණ්ඩායම් විසින් විසින් ඊයේ දිනයේ දී නැගෙනහිර යුක්‍රේනයේ දේශ සීමාව ආසන්නයේ පිහිටි ස්ථාන කිහිපයකට කාලතුවක්කු සහ මෝටාර් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මෙම ප්‍රහාරයන් එල්ල වී තිබුණේ ප්‍රාථමික පාසැල් ගොඩනැගිල්ලකටයි. ප්‍රහාරයෙන් පාසැල් ගුරුවරුන් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. කුමන මොහොතක හෝ යුද ගැ‍ටුම් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් පවතින බවයි විශ්ලේශකයින් පවසන්නේ. 

මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අමතමින් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ රුසියාව විසින් රසායනික අවි ප්‍රහාරයක් වුව ද එල්ල කිරීමට හැකියාව ඇති බවයි. රුසියාවේ යුද සැලසුම් පිළිබඳව ඇමරිකාවට මනා අවබෝධයක් ඇති බව පැවසූ ඔහු පවසා සිටින්නේ රුසියාව විසින් වහාම සිය හමුදා ඉවත් කර ගැනීමට පියවර ගත යුතු බවයි. 

තත්ත්වය තවත් උග්‍ර අතට හරවමින් සිදු වී ඇති තවත් සිදුවීමක් වන්නේ රුසියාව විසින් එරට සිටින දෙවන බලවත්ම ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාව ඊයේ (17) දිනයේ දී පි‍ටුවහල් කිරීමට පියවර ගැනීමයි. මේ සඳහා රුසියාව කිසිදු හේතුවක් හෝ පැහැදිලි කිරීමක් සිදු නොකර ඇති අතර පවතින උණුසුම්කාරී තත්ත්වය දරුණු අතට හැරවීමට මෙම සිද්ධිය මූලික විය හැකි බවයි ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu