gossiplanka alexa මෘත ශරීර සඳහා පි.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම ගැන අළුත් චක්‍රලේඛයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෘත ශරීර සඳහා පි.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම ගැන අළුත් චක්‍රලේඛයක්

පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙන සියළුම මෘත ශරීර සඳහා පී.සී.ආර් පරීක්ෂණ අනිවාර්ය කරමින් පනවා තිබූ රෙගුලාසි ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. 

නව චක්‍රලේකය අනුව අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන අධිකරණ වෛද්‍ය නිලධාරිගේ අභිමතය පරිදි අවශ්‍ය නම් පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කල හැකියි. 

රෝහල් තුළ දී මෙන්ම ඉන් බැහැරව සිදුවන මරණවල දී මෙම පියවර ක්‍රියාත්මක වන නමුත්, කොවිඩ් 19 ආසාදිතයෙකු බව මරණයට පෙර සිටම දැන සිටියේ නම් පී.සී.ආර් පරීක්ෂණය පෙර පරිදිම සිදු කළ යුතු වනවා. 

2020 ඔක්තෝබර් මාසයේ නිකුත් කළ චක්‍රලේඛයට අනුව නිවසේ දී මිය ගිය අය සඳහා ඒ වනවිටත් කොවිඩ් 19 ආසාදිතව නොසිටියේ නම් පී.සී.ආර් පරීක්ෂණය සිදු කිරීම අත්‍යාවශ්‍ය වුයේ නැහැ. නමුත් නව චක්‍රලේඛය මඟින් එම තත්ත්වය වෙනස් කර අවශ්‍ය අවස්ථාවලදී පී.සී.ආර්  පරීක්ෂණයක් අධිකරණය වෛද්‍ය නිලධාරීවරයාගේ අභිමතය පරිදි සිදු කල හැකියි. 

ඒ ඒ අවස්ථාවන් හිදී පශ්චාත් මරණ පරීක්ෂණයට පෙර කොවිඩ් ආසාදිතයෙකු ද යන වග මෙන්ම, පවුලේ සාමාජිකයින් ආසාදිතයන් ද යන්න ගැනත් සැලකිලිමත් වී පී.සී.ආර් පරීක්ෂණ කළ යුතු ද නැද්ද යන්න පිළිබඳව අධිකරණ වෛද්‍යවරුන් විසින් තීරණයක් ගනු ඇති. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu