SARS-CoV-2 යනුවෙන් හඳුන්වන කොවිඩ් වෛරසයට මෙම වෛරස් කාණ්ඩ තුනම අයත්වන බවයි හඳුනාගෙන ඇත්තේ. වවුලන් ආශ්‍රිතව සිදු කල පරීක්ෂණ ඔස්සේ මෙම වෛරස් කාණ්ඩ තුන සොයා ගෙන ඇත්තේ ලාඕස් හි විද්‍යාඥයින් පිරිසක් විසින්.
මෙම කාණ්ඩ තුනෙහිම ස්පයික් ප්‍රෝටීන් වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර එමඟින් වෛරසය මිනිසාගේ ශ්වසන පද්ධතියට ඇතුල්වීමේ හැකියාව පවතිනවා. ශ්වසන පද්ධතියට ඇතුල් වූ වෛරසයට එහි ඇලී සිටීමේ වැඩි හැකියාවක් පවතින බවයි විද්‍යාඥයින් තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

