gossiplanka alexa රඹුක්කන කරඬු මංකොල්ලය ගැන දැනුම් දෙන අයෙකුට ලක්ෂ ගණනින් තෑගි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රඹුක්කන කරඬු මංකොල්ලය ගැන දැනුම් දෙන අයෙකුට ලක්ෂ ගණනින් තෑගි

රඹුක්කන, දැලිවල ඓතිහාසික කොටවෙහෙර රජමහා විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ දඹ රන් කරඬුව ඇතුළු කරඬු නවය සොරකම් කරගෙන යෑම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 10ක මුදල් පරිත්‍යාගයක් සිදු කරන බව විහාරාධිපති පුස්සැල්ලේ ආරියවංශ නාහිමියන් පවසනවා. 

විහාරස්ථානයේ ධාතු මන්දිරයේ  තැන්පත් කර තිබූ දඹ රන් කරඬුවක්, දම් පැහැති හා සුදු පැහැති පළිඟු කරඬු දෙකක්, කේශ ධාතූන් වහන්සේලා තැන්පත් කර තිබූ පළිඟු කරඬුවක්, රන් කරඬු පහක් සහ කරඬුව සහිත මංජුසාවක් කිසියම් පිරිසක් විසින් පසුගිය 11 වනදා රාත්‍රියේ දී හෝ 12 වනදා අළුයම සොරාගෙන ගොස් තිබුණා. 

මේවා දම රන් කරඬු වුවාට රන්වලට වඩා අඩු වටිනාකමකින් යුක්ත බවත් ඒ නිසා විශාල ලෙස මිල කල නොහැකි බවත් විහාරාධිපති නාහිමියන් පවසනවා. එහි මිල කළ නොහැකි වටිනාකම ඇත්තේ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික ලෙස බවත් උන්වහන්සේ පවසා සිටිනවා. 

මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් දනා අයෙකු වේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසේකර මහතාගේ 0715894924 අංකයට හෝ 0702542162 අංකයට අමතා තොරතුරු ලබා දිය හැකියි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu