gossiplanka alexa ආසියාවේ වටිනාම පුරාවස්තු මංකොල්ලයේ සුල මුල සොයා මෙහෙයුම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආසියාවේ වටිනාම පුරාවස්තු මංකොල්ලයේ සුල මුල සොයා මෙහෙයුම්

රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථාන්යේ ධාතු මන්දිරයේ තිබී රන් කරඬු සහ වෙනත් වටිනා පුරා වස්තු නිදන් හොරුන් විසින් පසුගිය 11 වන දින සොරාගෙන තිබුණා. මෙම රන් කරඬු ආසියාවේ ඇති වටිනාම පුරාවස්තුන් බවයි සඳහන් වන්නේ. 

ඒවා තැන්පත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විහාරස්ථානය වෙත ලබා දී තිබූ යකඩ සේප්පුවල ඒවා තැන්පත් නොකර විහාරාධිපති ස්වාමීන්වහන්සේගේ අභිමතය පරිදි ඒවා මහජන ප්‍රදර්ශනයට තබා තිබෙනවා. එම පුරාවස්තු තැන්පත් කර ඇත්තේ විහාරස්ථානයේ ධාතු මන්දිරයේ ය. 

සිද්ධිය වන අවස්ථාවේ දී ස්වාමීන්වහන්සේලා දෙනමක් විහාරස්ථානයේ වැඩ සිට ඇති අතර විහාරාධිපති හිමියන් පුණ්‍ය කටයුත්තක් සඳහා විහාරස්ථානයෙන් පිටව ගොස් තිබුණා. රන් කරඬු තබා තිබූ වීදුරු මංජුසාව කඩා ඒවා පැහැරගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

ශ්‍රී ලංකාව සතුව තිබූ ඉතා වටිනා පුරා වස්තූන් වන මෙම රන් කරඬු හත සහ පළිඟු තුන ද මංජුසාව ද මිල කළ නොහැකි ඒවා ලෙස සැලකෙනවා. සොරකම් කල පුරා වස්තූන් අතර රන් කරඬුවක්, දඹරන් කරඬු 1ක්, අඟල් එකහමාවේ රන් කරඬු 5ක්, අඟල් එකහමාරේ පළිඟු කරඬු 3ක් සහ ධාතූන් වහන්සේලා තැන්පත් කර කරන මංජුසාවක් ද වනවා. 

2001 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් හමු වූ ලෝහමය කරඬුවක අසුරා, පබළු මිශ්‍ර සේද රෙදි කඩක දවටා මැටි වළඳක තැන්පත් කර තිබූ ලෝහ කරඬුව පමණක් හොරුන් විසින් ‍රැගෙන ගොස් නැහැ. එම සේද කැබැල්ල ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් බව පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. එය ආසියාවේ පැරණිතම සේද රෙදි කැබැල්ල සේ සැලකෙනවා. 

1957 දී පුරාවිද්‍යා කැණීම්වල දී චෛත්‍යයේ සතර දිසාවේ ස්ථූප අනුරූ සහිත ශිලාමය රන් කරඬු හතක් හමු වී තිබෙනවා. බටහිර දිගින් වූ ශිලා මංජුසාව තුල තිබී 1957 පෙබරවාරි 4 වන දා දඹ රන් කරඬුව හමුවී ඇති අතර එය දඹදිව සාංචි ස්ථූපයේ පූර්ණ අනුරුවක් සේ සැලකෙනවා. 

මේවා දෙවන පෑතිස් රජ දවස මිහිඳු හිමියන් විසින් මෙරටට ගෙන එනු ලැබූ ඒවා බවයි වංශකතාවල සඳහන් වන්නේ. 

සොර ගැනුණු පුරාවස්තූන් සොයා ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදා තිබෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu