gossiplanka alexa කන්තලේ සීනි සමාගම සිංගප්පූරු සමාගමට විකිණීමට බැසිල්ගෙන් කැබිනට් පත්‍රිකාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කන්තලේ සීනි සමාගම සිංගප්පූරු සමාගමට විකිණීමට බැසිල්ගෙන් කැබිනට් පත්‍රිකාවක්

කන්තලේ සීනි සමාගමේ කොටස් සිංගප්පූරුවේ පෞද්ගලික සමාගමකට විකිණීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබෙනවා.

කන්තලේ සීනි කර්මාන්තයේ පුනර්ජීවනය / ප්‍රතිව්‍යුහගත කිසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ SLI Developments (Pte) Limited සමාගම සහ MG Sugars Lanka (Private) Limited සමාගම් අතර කොටස් හිමියන්ගේ ගිවිසුමක් 2016.08.11 දින අත්සන් කර ඇති නමුත් පර්ශ්වයන තර මතුව ඇති යම් යම් මතභේද හේතු කරගෙන බේරුම්කරණය සඳහා යොමු කර ඇති බවත් ආයෝජකයන්ගේ වාසියට බේරුම්කරණය ප්‍රදානය කර ඇති බවත් කැබිනට් පත්‍රිකාවේ සඳහන්. 

එසේ 2016 වසරේ දී අත්සන් තබන ලද කොටස් හිමියන්ගේ ගිවිසුමට සංශෝධන ඉදිරිපත් කර 2021 වසරේ පරිපූරක ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා. එම ගිවිසුමේ කොන්දේසි සහ නියමයන් 2021.08.09 දින පැවති ඇමති මණ්ඩල ‍රැස්වීමේ දී අනුමත කර තිබෙන අතර 2021 ඔක්තෝබර් මස වන විට අදාළ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබූ නමුත් ගෝලීය වසංගත තත්ත්වය නිසා නොවැළැක්විය හැකි ප්‍රමාදයන් සිදු වූ බවත් කැබිනට් පත්‍රිකාවේ සඳහන්. 

මෙම ගිවිසුමට අනුව ගිවිසුමේ දින සිට මෙහෙයුම් ආරම්භ කර දස වැනි සංවත්සර දින දක්වා වන කාල පරිච්ඡේදයේ දී ආයෝජකයාට 85%ක කොටස් සහ ලංකා රජයට 15%ක හිමිකාරීත්වයක් ලැබෙනවා. මෙහෙයුම් ආරම්භ කළ දස වැනි සංවත්සරයේ සිට විසි වැනි සංවත්සර දින දක්වා 75%ක් ආයෝජකයාට හිමිවන අතර ලංකා රජයට හිමිවන්නේ 25%ක කොටසක්. එසේම මෙහෙයුම් ආරම්භ කළ 20 වෙනි සංවත්සරයේ සිට ගිවිසුම අවසන් වන කාලපරිච්ඡේදය දක්වා අදාළ පාර්ශවයන් කොටස් හිමිකරන්නා ප්‍රතිශතයේ ප්‍රමාණයට හිමිකම තීරණය වනවා. 

අදාළ පරිපූරක ගිවිසුම ලියා අත්සන් තැබීමට මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට බලය පැවරීමටත්, අදාළ ගිවිසුමට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 70ක මුදල නිසි පරිදි ලැබුණු පසුව පමණක් එකඟ වූ කොන්දේසි ක්‍රියාත්මක කිරීමටත් අනුමැතිය ලබා දිය යුතු බව ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් වනවා. 

ආශ්‍රිත : මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu