gossiplanka alexa රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය නිසා තෙවැනි ලෝක යුද්ධයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය නිසා තෙවැනි ලෝක යුද්ධයක් ?

රුසියන් හමුදාව මේ වන විට යුක්‍රේනය තුන් පැත්තකින් වට කරමින් ලක්ෂ සංඛ්‍යාත භට පිරිස් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. රුසියන් හමුදාව කවර දිසාවකින් යුක්‍රේනයට ඇතුල්වන්නේ දැයි තවමත් පැහැදිලි නැති නමුත් ස්ථාන තුනකට තර්ජනාත්මක පීඩනයක් එල්ල වනු ඇති බවට සැක පල කරනවා. දකුණින් ක්‍රිමියාව, රුසියාව දෙසින් දෙරට අතර දේශ සීමාව සහ උතුරින් බෙලාරුස් එම ස්ථාන වනවා. 

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, නවසීලන්තය ඇතුළු ප්‍රබල රටවල් ගණනාවක් සිය පුරවැසියන්ට යුක්‍රේනයෙන් වහාම ඉවත්වන ලෙසට මේ වන විටත් දන්වා තිබෙනවා. ක්‍රමයෙන් දරුණු අතර හැරෙන රුසියන් ආක්‍රමණය තෙවැනි ලෝක යුද්ධයක් කරා ළඟා විය හැකි බව විචාරකයෝ අනතුරු අඟවනවා. මේ අතර ජෝ බයිඩන් රුසියානු නායක පුටින් වෙත හදිසි දුරකතන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් වැළකී සිටිය යුතු බවය. 

සෝවියට් දේශයෙන් බිඳී වෙන් වූ නැගෙනහිර යුරෝපීය රටවල් වලට කිසියම් මොහොතක රුසියානු ආක්‍රමණයක් සිදු විය හැකි බව ඇමරිකාව දැඩිව විශ්වාසය පල කරනවා. මේ හේතුව නිසාම පෝලන්තය වෙත ද අතිරේක ඇමරිකානු භටයින් 3000ක් යැවීමට මේ වන විට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. 

මේ අතර යුක්‍රේන වැසියන් රුසියානු ආක්‍රමණයට විරුද්ධව කිව් අගනුවරට ‍රැස්ව තිබුණා. එහිදී යුක්‍රේන ජනාධිපති ජනතාවට පවසා ඇත්තේ කලබල නොවී විසිර යන ලෙසයි. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu