gossiplanka alexa පාකිස්තානයේ පුද්ගලයෙක් අමානුෂික ලෙස ඝාතනය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාකිස්තානයේ පුද්ගලයෙක් අමානුෂික ලෙස ඝාතනය කරයි

පාකිස්තානයේ දී තවත් පුද්ගලයෙකු ඉතා අමානුෂික අනදමින් ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. කුරානයේ පි‍ටු පුළුස්සා දැමූ බවට චෝදනා කරමින් මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවයි පැවසෙන්නේ. 

පාකිස්තානයේ පන්ජාබ් පළාතේ ඛානේවාල් ප්‍රාන්තයේ දී මෙම ඝාතනය සිදුව ඇති අතර මේ වන විට ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයින් 80 දෙනෙකු පමණ අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතනයට ලක් වූ පුද්ගලයා පැහැරගෙන ගොස් ලාහෝර් සිට කිලෝමීටර 275ක් පමණ දුරින් පිහිටි ස්ථානයක දී යකඩ පොලුවලින් පහර දී ඝාතනය කර ඇති බවයි පැවසෙන්නේ. ඔහුගේ මළ සිරුර ගසක එල්ලා තිබිය දී සොයා ගැනීමට පොලීසියට හැකි වී තිබෙනවා. 

මෙම පුද්ගලයා බේරා ගැනීමට අසමත්ව රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොලිස් නිලධාරීන් පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu