මෙම ව්‍යාපෘතිය හරහා පාසල් දරුවන්ට ගැළපෙන ලෙස ජාත්‍යන්තර ප්‍රමිතියට අනුගතව ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ජර්මන්, ඉතාලි, හිංදි, චීන, ජපන්, රුසියානු හා අරාබි යන භාෂා හැදෑරීමේ හැකියාව ඇති බව පැවසෙනවා. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොටගෙන පැවැත්වීමට නියමිත ප්‍රධාන උත්සවයට සමගාමීව මෙම වැඩසටහන ද ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි තොරතුරු වාර්තා වන්නේ.
දිවයින පුරා පාසල් වල විදුහල්පතිවරුන් මෙම වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා.