රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හඳුනාගත් ක්ෂේත්‍ර කිහිපයකට අදාළ ප්‍රධාන විෂය කාරණා හතක නීති රීති සම්පාදනය කිරීමට සහ යාවත්කාලීන කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගනිමින් සිටිනවා. 

  • අත් අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සාම්පල රඳවාගෙන සෙසු මත්ද්‍රව්‍ය විනාශ කිරීමට අවශ්‍ය නීති සැකසීම
  • මත්ද්‍රව්‍ය කුලකය සඳහා අළුතින් එකතු වී ඇති අයිස් නැමැති කෘතිම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීති ප්‍රමාණවත් නොවන නිසා විධිමත් අයුරින් ඒ සඳහා නීති සංශෝධනය කිරීම
  • වින්දිතයින්ට සිදුවිය හැකි අතිරේක හානි වැළැක්වීම සඳහා මෙන්ම විශේෂයෙන් ළමයින්ට හා කාන්තාවන්ට සිදුවන අපරාධ සම්බන්ධ නීති කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා නීති සැකසීම
  • තම ජීවිත අවදානම නොතකා සිදුකරන මත්ද්‍රව්‍ය වැටලීම්වල දී පොලිස් ත්‍යාග අරමුදලට එක්වන මූල්‍ය ප්‍රතිශතය ඉහළ දැමීම
  • දුරකතන සිම්පත් ලියාපදිංචිය ක්‍රමවත් කිරීම
  • මුදල් විශුද්ධිකරණ පනත ශක්තිමත් කරමින් දේපළ සම්බන්ධ නව නීති සැකසීම 

යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානය යොමු වනු ඇති බවයි පැවසෙන්නේ.