gossiplanka alexa රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට වාරණ නියෝගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට වාරණ නියෝගයක්

කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ එහි සභාපති සමන් රත්නප්‍රිය යන අය වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවය අඩාල  වන අයුරින් සහ රෝගී ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් සිදු කරනු ලබන වැඩවර්ජන අත්හිටුවන ලෙසට දන්වමින්. 

මෙම වැඩ වර්ජන සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ද ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙලෙස සෞඛ්‍ය වෘත්තිකයින් වැඩ වර්ජනය කිරීම හේතුවෙන් රටේ ජනතාව තවත් අපහසුතාවයට පත්වන බවයි. එසේම කොවිඩ් වසංගතය හමුවේ රජයේ අදූරදර්ශී ක්‍රියාවන් රෝගීන්ට පමණක් නොව සියළු ජනතාවට අහිතකර ප්‍රතිපල ගෙන දී තිබෙන බව එම සංගමය පවසා තිබෙනවා. 

දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය විසඳීමට සුදුසු පියවර නොගැනීම රටේ තවත් වෘත්තීය සමිතිවලට එවැනි පියවර සඳහා දිරිගැන්වීමක් වනු ඇති බව ඔවුන් වැඩි දුරටත් අනතුරු අඟවනවා. එසේම රජය තව දුරටත් වෘත්තීය බලපෑම් වලට යටත් වුවහොත්  රටේ තත්ත්වය තවත් ව්‍යාකූලවීම නොවැළැක්විය හැකි වනු ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ. 

මේ නිසා වැ‍ටුප් විෂමතා ඉවත් කර ගැනීම සඳහා ජාතික වැටුප කොමිසම හරහා රජයේ වැටුප් සම්බන්ධයෙන් සුදුසුකම් හා වෘත්තීය කුසලතා මත පදනම් වූ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සුදුසු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇති බවයි තොරතුරු අනාවරණය වන්නේ. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu