gossiplanka alexa සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය අවසන් කිරීමේ තීරණයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය අවසන් කිරීමේ තීරණයක් ?

ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් දින අටක් තිස්සේ පැවති සෞඛ්‍ය සේවක වර්ජනය අවසන් කිරීම පිළිබඳ තීරණය අද උදෑසන පැවැත්වෙන සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ සම්මේලනයේ විධායක සභාව ‍රැස් වී තීරණය කරන බව එම සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පවසනවා. 

ඊයේ (14) සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා. සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල එම සාකච්ඡාවේ දී එකඟ වී ඇත්තේ වෘත්තීය සමිති ඉල්ලීම් ඊළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටයි. 

ඒ අනුව ඊළඟ කැබිනට් මණ්ඩල ‍රැස්වීමට මෙම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයා අපොහොසත් වුවහොත් යළි මේ පිළිබඳව කටයුතු කිරීමට සිදුවන බව ද වෘත්තිකයන්ගේ සම්මේලනයේ විධායක සභාවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය කියා සිටිනවා. 

පසුගිය 7 වනදා ආරම්භ වූ වැඩ වර්ජනයෙන් හෙද සංගමය දෙවැනිදා ඉවත් වූයේ සෞඛ්‍ය ලේකම්වරයා ලබා ගත් අධිකරණ වාරණ නියෝගය හේතුවෙන්. නමුත් එම සංගමය ඉවත් වූ පසුව ද පැවති වැඩ වර්ජනය සඳහා තවත් වෘත්තීය සමිති 4ක් එකතු වුණා. මෙම වැඩ වර්ජනයට සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 20කට ආසන්න ප්‍රමාණයක් එක්ව සිටි අතර එම දින අටේ දී රෝගීන්ගේ ප්‍රතිකාර සහ සත්කාර මුළුමනින්ම පාහේ අඩාල වී තිබුණා. 

දින 8ක් තිස්සේ පැවති වැඩ වර්ජනය නිසා රෝගීන් දැඩි පීඩාවට පත් වීම හේතුවෙන් තම වැඩ  වර්ජනයේ සාර්ථකත්වය ගැන උදම් අනන්නට තමන් සූදානම් නැති බවත් එම පීඩාවන්ට වග කිව යුත්තේ වර්ජනය දිගින් දිගටම ඇ‍ඳෙන තුරු නිහඬව සිටි සෞඛ්‍ය බලධාරීන් බවත් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් පවසා සිටිනවා. 

වර්ජනයේ අටවන දින වන ඊයේ (14) දිනයේ දී සෞඛ්‍ය සේවකයෝ දිවයිනේ විවිධ දෙසින් කොළඹට පැමිණි අතර කො‍ටුව දුම්රිය ස්ථානයේ සිට පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණ භූමියට ගොස් එහිදී දැවැන්ත  ‍රැලියක් පැවැත්වූවා. පසුව, සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ කල සාකච්ඡා සාර්ථක බව වාර්තා වීමෙන් අනතුරුව ඔවුන් උද්ඝෝෂණය නවතා දැමුවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu