gossiplanka alexa බ්‍රිතාන්‍ය රජ පවුල නැවතත් කොවිඩ් තර්ජනයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බ්‍රිතාන්‍ය රජ පවුල නැවතත් කොවිඩ් තර්ජනයක

බ්‍රිතාන්‍ය රජපවුලේ චාල්ස් කුමරුට නැවතත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. චාල්ස් කුමරුට 2020 මාර්තු මාසයේදී ද කොවිඩ් වෛරසය ආසාදනය වූ අතර ඔහු දෙවැනි වරටත් මෙලෙස කොවිඩ් වෛරසය ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ අහඹු ලෙස සිදු කල පී.සී.ආර් පරීක්ෂණයකින් අනතුරුවයි. 

චාල්ස් කුමරුට කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමඟ බ්‍රිතාන්‍ය රජ පවුල තුල නැවතත් කොවිඩ් බිය පැතිර යමින් ඇති බවයි මාධ්‍ය පවසන්නේ. එය තවත් උග්‍ර වීමට හේතු වී ඇත්තේ චාල්ස් කුමරු මීට දින දෙකකට පෙර එළිසබත් මහ ‍රැජිණ මුණ ගැසී තිබීම හේතුවෙන්. 

කෙසේ වෙතත් මහ ‍රැජිණට කොවිඩ් පරීක්ෂණයක් සිදු කර ඇත්දැයි මෙතෙක් රජ පවුල තහවුරු කර නැහැ. 

මේ වන විට චාල්ස් කුමරු වෛද්‍ය උපදෙස් මත හුදකලා වී සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu