gossiplanka alexa මුල්ලේරියාවේ ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකුගෙන් පොලීසියට පැමිණිල්ලක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුල්ලේරියාවේ ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකුගෙන් පොලීසියට පැමිණිල්ලක්

මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකුගේ බිරිඳ, මුදල් සහ රත්‍රං භාණ්ඩ ද ‍දරුවන් දෙදෙනා ද ‍රැගෙන පලා යාමේ සිද්ධියක් වාර්තා වනවා. පවුම් 47ක රත්‍රන් සහ මුදලින් රුපියල් ලක්ෂ 140කට අධික මුදලක් ‍රැගෙන තම බිරිඳ මෙසේ දරුවන් දෙදෙනා ද ‍රැගෙන පලා ගොස් ඇති බවට ජ්‍යෝතිෂ්‍යවේදියා විසින් මුල්ලේරියාව පොලීසියට ඊයේ (10) පැමිණිල්ලක් ඉදිරිපත් කලා. 

දරුවන් දෙදෙනා වයස අවුරුදු දෙක හමාර සහ එක හමාර වියේ පසුවන බවයි පැවසෙන්නේ.  පොලිසීය විසින් කරුණු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා ඇත්තේ මෙම තැනැත්තිය දේපළ ද කොල්ල කා දරුවන් ද ‍රැගෙන පලා ගොස් විදෙස් ගත වීමට සූදානම් වන නිසා ඇයගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසයි. 

එහිදී මහේස්ත්‍රාත්වරයා විමසා ඇත්තේ දරුවන් සහ දේපල ‍රැගෙන යාමට බිරිඳට අයිතියක් නැතිද ? යනුවෙනි. එසේ දරුවන් සහ දේපල ‍රැගෙන යාමට බිරිඳට අයිතියක් ඇති බැවින් ඒ හේතුවෙන් එම තැනැත්තියගේ විදෙස් ගමන් තහනම් කිරීමට කිසිදු නෛතික පදනමක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා මෙහි දී ප්‍රකාශ කලා. ඒ අනුව එම ඉල්ලීම මහේස්ත්‍රාත්වයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

ආශ්‍රිත : ලංකාදීප

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu