gossiplanka alexa ශ්‍රී ලංක‍ා වෘත්තීය පුහුණු අධිකාරියෙන් දරුවන් සඳහා වැඩපිළිවෙලක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංක‍ා වෘත්තීය පුහුණු අධිකාරියෙන් දරුවන් සඳහා වැඩපිළිවෙලක්

Tantri Trailers සමාගම සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංක‍ා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දි සිදු කෙරුණා.

Tantri Trailers  සමාගම විසින් ට්‍රේලර්, ඉදිකිරීම් යන්ත්‍රාගාර හා උපකරණ, සන්නිවේදන කුළුණු, දොඹකර ඇතුළු උපකරණ හා නිෂ්පාදන රාශියක් නිපදවන අතර රටවල් 30කට අධික සංඛ්‍යාවක් වෙත ඔවුන්ගේ නිෂ්පාදන අපනයනය කරනවා. 

මේ අනුව  පුහුණු අධිකාරිය සතු පහළ යාගොඩ පිහිටි මධ්‍යස්ථානය Tantri ආයතනය හා එක්ව ක්ෂේත්‍රය තුළ පවතින තාක්ෂණය සහිත ආයතනයක් ලෙස වැඩි දියුණු කරන අතර වැඩිදුර පුහුණුව Tantri Trailers කර්මාන්තශාලා තුළින් ලබා දෙනවා. 

එමඟින් වඩා යාවත්කාලීන පුහුණුවක් දරුවන් සඳහා ලැබෙන අතර රැකියා සුරක්ෂිතභාවය ද ඇති වනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ පුද්ගලික අංශයේ කර්මාන්තකරුවන් සමග එක්ව වෘත්තීය පුහුණු අවස්ථා ඇති කිරීම තුළින් රැකියා සඳහා අවශ්‍ය උසස් තාක්ෂණය දරුවන් හට ලබා දිය හැකි බවයි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති එරංග බස්නායක මහතා, Tantri Trailers සමාගමේ අධ්‍යක්ෂක මයාන් හපුතන්ත්‍රී මහතා, කළමනාකරණ අධ්‍යක්ෂක අතුල හපුතන්ත්‍රී මහතා, මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව  මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu