gossiplanka alexa විශ්වසය තබා අභියෝග ජය ගැනීමට අත් කපාගත් පාසැල් සිසුන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විශ්වසය තබා අභියෝග ජය ගැනීමට අත් කපාගත් පාසැල් සිසුන්

කළුතර නාගස් හන්දිය ආසන්නයේ ඇති පළතුරු ලෑල්ලක ව්‍යාපාර කරන පුද්ගලයෙකු අසළට පැමිණි පාසැල් දැරියන් දෙදෙනෙකු තමන් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගිය බවත් පසුව තමන් පානදුර ප්‍රදේශයේ දමා ගිය බවත් එම නිසා නිවසට දුරකතන ඇමතුමක් ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කර තිබුණා. ඉන් කලබලයට පත් ව්‍යාපාරිකයා ඔවුන්ගේ නිවෙස්වලට කතා කර ඒ පිළිබඳව දැනුම් දී ඇති අතර පසුව දරුවන්ගේ ඥාතීන් පැමිණ  දැරියන්ගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී ඔවුන් පවසා ඇත්තේ තමන්ව පැහැරගෙන ගිය බවත් පැහැරගත් අය සමඟ පොර බැඳීමේ දී තමන්ගේ අත් සීරුණු බවත් ය. කලබලයට පත් ඥාතීන් දරුවන් දෙදෙනා ද ‍රැගෙන කළුතර උතුරු පොලිසීයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පසුව පොලිසීයේ දී ද දැරියන් දෙදෙනා පෙර ආකාරයෙන්ම ප්‍රකාශ කර ඇති බැවින් දැරියන් දෙදෙනාව රෝහල් ගත කිරීමට පොලීසිය කටයුතු කලා.

ඉන් අනතුරුව පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී පොලිස් නිලධාරීන්ට CCTV ටීවී කැමරා දර්ශන මඟින් සොයා ගැනීමට හැකි වී ඇත්තේ දැරියන් දෙදෙනා පාසල නිම වී ගාලු ප්‍රධාන බස් මාර්ගයට පැමිණ බස් රථකයකට ගොඩ වන අයුරුයි. සිද්ධිය පිළිබඳව සැක පහළ කල පොලීසියට දැරියන්ගෙන් දීර්ඝ ලෙස කරුණු විමසීමේ දී සත්‍ය සිදුවීම අනාවරණය කර ගැනීමට හැකිවුණා. 

මෙම සිසුවියන් දෙදෙනා කළුතර උතුර ප්‍රදේශයේ පාසලක 7 වසරේ ඉගෙනුම ලබන දැරියන් දෙදෙනෙක්. පසුගිය බදාදා දින පන්තියේ ඉගෙනුම ලබන අතර සිසුන් 5 දෙනෙකු අතර ඇති කරගත් කිසියම් අභියෝගයකින් අනතුරුව එකිනෙකාට තිබෙන විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා ස්ව කැමැත්තෙන් එකිනෙකාගේ අත් තුවාල කර ගැනීමට යොමු වී තිබෙනවා. දරුවන් පස් දෙනාගෙන් තිදෙනෙකු සිසුන් වන අතර එම සිසුන් තිදෙනා පළමුව බෝතල් ක‍ටුවලින් තම වම් අත තුවාල කරගෙන තිබෙන අතර දැරියන් දෙදෙනා ද ඒ අනුව යමින් තම නිල ඇඳුමේ පටියට ගසනා හැට්ට ක‍ටුවෙන් තම වම් අත් තුවා කරගෙන ලේ ප්‍රදර්ශනය කර ගෙන තිබුනා. 

මෙම සිද්ධිය පන්තිභාර ගුරුතුමියට දැන ගැනීමට ලැබීමෙන් පසු මෙම සිසු සිසුවියන් පස් දෙනාම විදුහල්පතිවරයා වෙතට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී විදුහල්පතිවරයා ඔවුන්ට තදින් දොස් පවරා දණ ගස්සවා වේවැලකින් ද පහර දී දඬුවම් ලබා දීමට පියවර ගත්තා. පසුදින පැමිණෙන විට දෙමව්පියන්ද කැ‍ටුව පැමිණෙන ලෙස ද ඔවුන්ට විදුහල්පතිවරයා දැනුම් දුන්නා. 

මවුපියන් මෙම සිද්ධිය දැනගතහොත් තමන්ට දඬුවම් කරාවි යැයි බිය වූ සිසුවියන් දෙදෙනා පාසැල නිම වී මාර්ගයට පැමිණීමෙන් අනතුරුව අරමුණකින් තොරව අළුත්ගම සිට කොළඹ බලා එන බස් රථයකට ගොඩ වී ඇතත් ඔවුන් සතුව එතරම් මුදලක් තිබී නැහැ. ඒ වන විට එක් සිසුවියක් සතුව රුපියල් 50ක මුදලක් පමණක් තිබී ඇති අතර එම මුදලින් ඔවුන් දෙදෙනා පානදුරට පමණක් ගමන් කර පානදුර පාලම අසකින් බස් රථයෙන් බැස තිබෙනවා. ඔවුන් බසයෙන් බැස පාලම අසල සිටින අවස්ථාවේ දී එතනින් ගමන් කළ කාන්තාවක් "ළමයි කොහෙද යන්නේ" යැයි විමසූ විට දැරියන් දෙදෙනා පවසා ඇත්තේ තමන් මිතුරියක් හමුවීම සඳහා පැමිණි බවත් ඇයගේ නිවස සොයා ගැනීමට නොහැකි බවත් ය. සවස් වන නිසා යළි නිවෙස්වලට යන ලෙස කාන්තාව දැරියන්ට දන්වා ඇතත් දැරියන් කාන්තාවට පවසා ඇත්තේ නිවසට යාමට තමන් සතුව මුදල් නොමැති බවයි. ඉන්පසු එම කාන්තාව දැරියන්ට රුපියල් 100ක මුදලක් දී තිබෙනවා.

ඔවුන් එම රුපියල් 100ද ‍රැගෙන කළුතර බලායන බස් රියකට ගොඩ වී නාගස් හන්දියට පැමිණ තිබෙනවා. එසේ නාගස් හන්දියට පැමිණීමෙන් අනතුරුවයි ඔවුන් වෙළඳ ව්‍යාපාරිකයෙකුට ඔවුන් පැගැරගත් බව පවසමින් නිවසට දුරකතන ඇමතුමක් ලබා දීමට කටයුතු කර ඇත්තේ. 

අදාළ සිසුවියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත අතර කළුතර පොලීසිය විසින් වැඩි දුර පරීක්ෂණ සිදු කරනු ලබනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu