gossiplanka alexa මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ගැන සෙවූ මාධ්‍යවෙදියෙකුට නඩුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ගැන සෙවූ මාධ්‍යවෙදියෙකුට නඩුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් වත්කම් - බැරකම් ප්‍රකාශ ඉදිරිපත්කල මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ලබා දෙන ලෙස ඉල්ලමින් මාධ්‍යවේදී චාමර සම්පත් 2018.06.21 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත තොරතුරු ඉල්ලීමක් සිදු කර තිබුණා. 2018 වසරේ සහ 2010 වසරේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත්කල මන්ත්‍රීවරුන්ගේ නාමලේඛය වෙන වෙනම ලබා දෙන ලෙස චාමර සම්පත් එම ඉල්ලීම සිදු කර තිබුණා.

පුරවැසියෙකු ලෙස මාධ්‍යවෙදියෙකු කල මෙම ඉල්ලීම මත තොරතුරු කොමිෂන් සභාවේ නියෝගයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නිකුත් කල ද එම නියෝගයට එරෙහිව පාර්ලිමේන්තුව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා. තොරතුරු කොමිෂන් සභාවේ නියෝගයට අනුව අදාළ තොරතුරු ලබා නොදී ඒ වෙනුවට තොරතුරු කොමිසමේ නියෝගය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තුවේ නම් කළ නිළධාරියා විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය හෙට (11) දිනයේ කැඳවා තිබෙනවා. 

තමන් ඉල්ලා සිටිනුයේ මන්ත්‍රීවරුන්ගේ වත්කම් -බැරකම් ප්‍රකාශ නොව අදාළ කාලසීමාව තුළ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කල මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය බවත් එම තොරතුරු මුදාහරින ලෙස පාර්ලිමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙසත් චාමර සම්පත් විසින් තොරතුරු කොමිෂන් සභාව වෙත අභියාචනා කරමින් ඉල්ලීමක් කර තිබුණා. එසේම තොරතුරු ප්‍රතික්ෂේප කල පාර්ලිමේන්තුවේ නම් කල නිලධාරියා වෙත මාධ්‍යවේදී චාමර සම්පත් අභියාචනයක් ඉදිරිපත් කරමින් තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටිය ද එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප වී තිබෙනවා. 

මන්ත්‍රීවරුන් සම්බන්ධ මෙම තොරතුරු මුදා හැරීම පිළිබඳව අභියාචනා වසර දෙකකට වැඩි කාලයක් තොරතුරු කොමිෂන් සභාවේ විභාග වූවා. තොරතුරු දැනගැනීමේ අයිතිවසිකම් පිළිබඳ පනතේ 3 (1) වගන්තිය අනුව ඉල්ලා ඇති තොරතුරු පොදු අධිකාරියේ "සන්තකයේ, භාරයේ හෝ පාලනයේ" පවතී නම් පොදු අධිකාරිය විසින් එම තොරතුරු පනතේ 5 (1) වගන්තියට යටත්ව නිකුත් කළ යුතු බව කොමිෂන් සභාව විසින් නියෝගය ලබා දෙමින් ප්‍රකාශ කර සිටියා. ඒ අනුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව විසින් පි‍ටු 26කින් යුත් තීන්දුවක් නිකුත් කලා. 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අභියාචනාධිකරණයට අභියාචනා කර ඇත්තේ මේ තීන්දුවට එරෙහිවයි. 

ආශ්‍රිත : මව්බිම


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu