gossiplanka alexa කසකස්තානයේ කැරලිකරුවන් භයානක වෛරස් නිදහස් කරයිද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කසකස්තානයේ කැරලිකරුවන් භයානක වෛරස් නිදහස් කරයිද ?

ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් කසකස්තානයේ ඇති වී තිබෙන මහජන විරෝධතා මේ වන විට දැඩිව උත්සන්න වෙමින් පවතිනවා. වාර්තාවන නවතම පුවත වන්නේ කැරලි කරුවන් කසකස්තානයේ භයානක වෛරස් රෝග කාරකයන් සහිත වෛද්‍ය පර්යේෂණාගාරයක් ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගෙන ඇති බවයි. 

ඒ හේතුවෙන් එම පර්යේෂණාගාරයේ පවතින භයානය වෛරස් රෝග කාරක පිටතට නිරාවරණය වීමේ අවධානයක් පවතින බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා. 

2017 දී ඉදිකෙරුණු මෙම ජීව විද්‍යාගාරය අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඍජු ආධාර යටතේ පවත්වාගෙන යන බවයි සඳහන් වන්නේ. භයානක වෛරස් සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම මෙම ජීව විද්‍යාගාරයේ මූලික අරමුණ බව එරට රජය සඳහන් කර සිටියත් මෙම විද්‍යාගාරය තිළ ජීව විද්‍යාත්මක අවි නිපදවන බවට එරට රජයට චෝදනා එල්ල වී තිබුණා. 

දැනට කැරලිකරුවන්ගේ ග්‍රහණයට නතුව පවතින ජීව විද්‍යාගාරයෙන් පිටත රසායනික ඇඳුම් කට්ටලවලින් සැරසුණු පුද්ගලයින් සිටිනු දක්නට ඇතැයි රුසියානු පුවත් සේවය වාර්තා කරනවා. 

කසකස්තානයේ ඇති වී තිබෙන විරෝධතා හේතුවෙන් පුද්ගලයින් 164 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති අතර 5300කට අධික පිරිසක් කසකස්තාන ආරක්ෂක අංශ විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා. කැ‍රැල්ල හේතුවෙන් මියගිය ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 16 දෙනෙකු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu