gossiplanka alexa ගෙවූ ණය මුදලට ඉන්දියාවෙන් ලංකාවට ණය මුදලක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෙවූ ණය මුදලට ඉන්දියාවෙන් ලංකාවට ණය මුදලක්

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හරහා ලබාගත් ණය සඳහා 2029 වර්ෂය තෙක් ගෙවීමට සිදුවන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. මෙම ණය මුදල් ලබාගෙන ඇත්තේ 2012 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වායි. මේ නිසා 2029 දක්වා ලංකාවේ ආර්ථිකයට ඉතා දුෂ්කර කාලයක් වනු ඇති බවයි ඔවුන් පවසන්නේ. 

ලබා ගත් බැඳුම්කර ණය පියවීමේ දී රටේ නිල සංචිත පහළ යනවා. මේ නිසා ණය ගෙවීමේ දී විකල්පවලට යායුතු බවයි ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. ඊයේ (18) දිනයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ගෙවා දමනු ලැබුවා. ඒ 2012 වසරේ ලබාගත් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර කල් පිරීම වෙනුවෙන්. 

මේ අතර අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලංකාවට ලබා දෙන බව ඉන්දියාව තහවුරු කර තිබෙනවා. හදිසි ඉන්ධන මිල දී ගැනීම සඳහා මෙම ණය මුදල ලංකාවට ලබා දීමට එකඟ වූ බවයි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu