gossiplanka alexa කැළණිතිස්ස බලාගාරයේ විදුලි ජනක යන්ත්‍රයක් නවතී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කැළණිතිස්ස බලාගාරයේ විදුලි ජනක යන්ත්‍රයක් නවතී

විදුලිබල මණ්ඩලයේ දැනට පත් කර ඇති වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා ධූරයෙන් ඉවත් නොකළහොත අද (19) දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ තීරණය මත ආචාර්ය සුසන්ත පෙරේරා මහතා වැඩ බලන සමාන්‍යාධිකාරිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය දැඩි විරෝධය පල කර සිටිනවා. එම පත්වීම අත්තනෝමතික ලෙස සිදු වූවක් බවයි ඔවුන් පවසන්නේ. 

මේ අතර කැළණිතිස්ස විදුලි බලාගාරයේ ජනක යන්ත්‍රයක කටයුතු නවතා දමා තිබෙනවා. ඒ ඉන්ධන නොමැති වීම හේතුවෙන්. මෙම ජනක යන්ත්‍රයෙන් මෙගාවොට් 150ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් මේ නිසා අද (19) දිනයේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. 

නමුත් අද රාත්‍රියේ දී විදුලිය කප්පාදුවක් සිදු කරන්නේ ද යන්න නිශ්චිත වශයෙන් අද පස්වරුවේ තීරණය කරන බවයි විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu