gossiplanka alexa සෞඛ්‍ය සේවා සහ තවත් වෘත්තීය සමිති වැඩ වර්ජනයක ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සෞඛ්‍ය සේවා සහ තවත් වෘත්තීය සමිති වැඩ වර්ජනයක ?

ගුරු සේවාවෙහි වැ‍ටුප් විෂමතා පිළිබඳව විසඳුම් ලබා දුන් අයුරින් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ද වැටුප් විෂමතා ඉවත් කරන ලෙසට රජයට බල කරමින් ලබන 26 වැනි දා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් සෞඛ්‍ය සේවකයන් බස්නාහිර පළාතේ රෝහල් තුළ වැඩ වර්ජනයක් දියත් කිරීමට නියමිතව තිබෙනවා. 

ඒ අනුව, හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය යන අංශවලට අයත් සෞඛ්‍ය සේවකයන් මෙලෙස වැඩ වර්ජනයකට යොමු වීමට නියමිත බවයි පැවසෙන්නේ. එම වැඩ වර්ජනයෙන් පසුව ද නිසි විසඳුමක් නොලැබුණහොත් ලබන 30 වනදා සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය හමුවකදී පවසා සිටියා.

එසේම රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ විශ්‍රාමික පිරිස් සඳහා ලබා දීමට තීරණය කල රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයේ සේවකයින්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින් අද (21) දීප ව්‍යාප්ත විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කරන බව නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ සම ලේකම්වරයා පවසනවා. අත්‍යවශ්‍ය භාණ්ඩවලට මිල ගණන් සියයට 50කින් අඩු කරන ලෙස ද ඔවුන් ඉල්ලා සිටිනවා. 

ජාතික කම්කරු උපදේශන සභාව නියෝජනය කරන වෘත්තීය සමිති 12ක් මෙම වැඩ වර්ජනයට එක්ව සිටිනවා. රුපියල් 5000 දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලීම් කල නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි ඔවුන් පවසන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu