gossiplanka alexa මනෝ ගනේෂන් ෆෙඩරල් විසඳුම ප්‍රතික්ෂේප කරයි: දමිළ පක්ෂ කොටස් තුනකට බෙදී යයි.

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මනෝ ගනේෂන් ෆෙඩරල් විසඳුම ප්‍රතික්ෂේප කරයි: දමිළ පක්ෂ කොටස් තුනකට බෙදී යයි.

ජනවාර්ගික ගැටලූවට විසඳුම් ඉල්ලා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලිපියක් ලිවීමට දමිළ පක්ෂවල් සාකච්ඡා පැවැත්වුවා. 

එම ලිපියෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන බලකර තිබුණද තම අරමුණ 13 වන සංශෝධනයෙන් ඔබ්බට යන ෆෙඩරල් විසඳුම බව දමිළ පක්ෂවල් මෙම ලිපියෙන් පැහැදිලිව සඳහන් කර තිබෙනවා. 

ඊයේ සවස සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන්, නරේන්ද්‍ර මෝදිට ලියූ ලිපිය කොළඹ පිහිටි ඉන්දීය තානාපති ගෝපාල් බැග්ලේ හමුවී, දමිළ පක්ෂවල් බාර දුන්නා. 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති 13වන සංශෝධනයෙන් ඔබ්බට යන සැලසුම්වලට සහය දිය නොහැකි බව පවසමින්, ආරම්භයේදී සාකච්ඡාවට සහභාගි වූ දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පා.ම. මනෝ ගනේෂන්, මේ වන විට මෙම ක්‍රියාමාර්ගයෙන් ඉවත්වී තිබෙනවා. 

නරේන්ද්‍ර මෝදිට දමිළ පක්ෂවල් ලියූ ලිපියට, මනෝ ගනේෂන් අත්සන් කළේ නැහැ. 

ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, නියෝජ්‍ය නායකයින් වන පලනි තිගාම්බරම් සහ රාධාක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරුන් තිදෙනාම සිටින්නේ මෙම ස්ථාවරයෙන් මයි.  

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලිපියක් ලියා අත්සන් කර ඇති දමිළ පක්ෂවල් වෙනුවෙන් ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා, මාවෙයි සේනාධිරාසා, සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා, ඩී.සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා, සී.වී.විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ශ්‍රීකාන්තා, එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා සහ සුරේන් කුරුසුවාමි යන අය ඊයේ ඉන්දීය තානාපතිවරයා හමුවී ලිපිය භාර දුන්හ. 

මේ අවස්ථාවේදී දමිළ දේශපාලන පක්ෂවල් අද ෆෙඩරල් ඉක්මවා යන විසඳුම, 13 වන සංශෝධනයෙන් ඔබ්බට යන ෆෙඩරල් විසඳුම සහ 13 වැනි සංශෝධනය තුළ එන විසඳුම යන ප්‍රධාන කොටස් තුනකට බෙදී තිබෙනවා. 

13 වැනි සංශෝධනයට විරුද්ධව සහ ෆෙඩරල් විසඳුමකට එහා ගිය විසඳුමක් ඉල්ලා, දමිළ ඩයස්පෝරාව ඊයේ ලන්ඩන් නුවරදී විරෝධතාවයක නිරත වුණා. එවැනි විරෝධතාවක් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා මේ මස අවසානයේදී යාපනයේ සංවිධානය කර තිබෙනවා. 

උතුරේ අනෙකුත් දමිළ පක්ෂවල් දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් ව්‍යවස්ථා සංශෝධනයේ ඇති 13 වන සංශෝධනයට ඔබ්බට යන ෆෙඩරල් විසඳුමකට බල කරනවා. 

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් දකුණේ දමිළ පක්ෂවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති 13 වන සංශෝධනය තුළ විසඳුමකට බල කරනවා. 

මෙවැනි තත්ත්වය තුළ දකුණේ දමිළ පක්ෂවලට අමතරව උතුරු හා නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක වන වෙනත් දමිළ පක්ෂවල්ද 13වන සංශෝධනයෙන් විසඳුමක් ඉල්ලා, මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් එක්වීමට ඉඩ ඇති බවත් පෙනී යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu