gossiplanka alexa මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය ලබන සතියේ සිට ජනතා අයිතියට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය ලබන සතියේ සිට ජනතා අයිතියට

Mirigama-Kurunegala section of Central Expressway
හනුවර අධ්වේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ලබන 28 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කිලෝමීටර් 40 ක දිගින් යුතු මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස මංතීරු 4කින් සමන්විතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කරනු ලබනවා.

මීරිගම සිට කුරුණෑගල දක්වා වන  කිලෝමීටර් 39 ය විශාල පාලම් 12 කින් සහ බෝක්කු 130 කින් සමන්විත වේ.  මෙහි දිග කිලෝමීටර 11 කට ආසන්න මාර්ග කොටසක්  කොන්ක්‍රීට් කණු මත ඉදිකර ඇත්තේ පරිසර හිතකාමී වන ලෙස  හා ගංවතුර ඇති නොවන ලෙසය.

මේසඳහා කල ආයෝජනය රු. බිලියන 160  කි. මෙහි විශේෂත්වය වන්නේ සම්පූර්ණයෙන්ම දේශීය බැංකුවලින් ලබාගත් ණය මේ සදහා යොදා ගැනීමයි.ඒබැවින් මධ්‍යම අධිවේගී මාර්ගයේ අනෙකුත් අදියර මෙන් විදේශ ණය අනුමත නොවීම නිසා ඉදිකිරීම් ආරම්භය පමා නොවිනි.

මෙහි අන්තර් හුවමාරු මධ්‍යස්ථාන මිරිගම, නකලගමුව, දම්බොක්කා සහ කුරුණගල යන ස්ථානවල ස්ථාපිත කර ඇත.පසුව මෙහි ස්වයංක්‍රීය සබැඳි කවුන්ටර පහසුකම්ද (ETC,Multi lane Free flow) ඉදිරියේදී ලබාදීමට නියමිතව ඇත.

CENTRAL EXPRESSWAY Gossip Lanka

CENTRAL EXPRESSWAY Gossip Lanka

CENTRAL EXPRESSWAY Gossip Lanka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu