gossiplanka alexa ගෑස් අර්බුදයට තුඩු දුන් ගෑස් ගිවිසුම තවත් දීර්ඝ කරන්න කුමන්ත්‍රණයක් ? තීරණාත්මක සති 02ක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෑස් අර්බුදයට තුඩු දුන් ගෑස් ගිවිසුම තවත් දීර්ඝ කරන්න කුමන්ත්‍රණයක් ? තීරණාත්මක සති 02ක්

වසර 02ක් තුළ රු. බිලියන 20ක් පමණ කොමිස් වලින් රටට අහිමි කළ 2022 පෙබරවාරි 28 න් අවසන් වෙන ඕමාන් කොමිස් ගෑස් ගිවිසුම පිළිබඳව දේශීයව පමණක් නොව විදේශීයව ද මහත් අවධානයකට යොමුව තිබෙනවා. ලොව පුරා අදූෂිතව පිරිසිදු ලෙස ගෑස් බෙදාහැරීම් ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරත වෙන ව්‍යාපාර කණ්ඩායම් පසුගිය වසර ගණනාව තුළ ශ්‍රී ලංකාව සමග ගණුදෙනු කිරීම නවතා දමා සිටියා. ඒ විටින් විට පැවති පාලනාධිකාරියන්හි දැවැන්ත දේශපාලන චරිත සහ කලු නිලධාරීන් විසින් ජාවාරමට මුල් තැන දීම හේතුවෙනි.

ඉදිරියේ දී ගෑස් ගිවිසුම් සම්බන්ධයෙන් මතුවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව දූෂණ විරෝධී හඬ සංවිධානය විසින් ප්‍රකාශයක් කර තිබෙනවා.

සම්පූර්ණ සටහන පහතින්

"තීරණාත්මක සති 02ක්! ජනපති නියමයෙන් ගෑස් ටෙන්ඩර් කැඳවීම කඩිනමින්

ඕමාන් ට්‍රේඩින් ගෑස් මාෆියාව ගැන අප දිගින් දිගටම සඳහන් කළා. දැන් ඒ මාෆියාව විසින් ඊට විරුද්ධව නැගීසිටින පාර්ශවයන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් සිටිනවා. මොකද නව ගෑස් ගිවිසුම සඳහා ටෙන්ඩර් කැඳවන්න තියෙන්නෙ තව සති 2යි. මේ සති දෙක ලංකාවේ මෙතෙක් කොමිස් ජාවාරම්වලින් ඩොලර් කඳු ගහපු දූෂිතයන්ට සහ එම ජාවාරම්වලට එරෙහිව නැගී සිටින නිර්භය පන්තියට තීරණාත්මක අවධියයි. 

වසර 02ක් තුළ රු. බිලියන 20ක් පමණ කොමිස් වලින් රටට අහිමි කළ 2022 පෙබරවාරි 28 න් අවසන් වෙන ඕමාන් කොමිස් ගෑස් ගිවිසුම පිළිබඳව දේශීයව පමණක් නොව විදේශීයව ද මහත් අවධානයකට යොමුව තිබේ. ලොව පුරා අදූෂිතව පිරිසිදු ලෙස ගෑස් බෙදාහැරීම් ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරත වෙන ව්‍යාපාර කණ්ඩායම් පසුගිය වසර ගණනාව තුළ ශ්‍රී ලංකාව සමග ගණුදෙනු කිරීම නවතා දමා සිටියා. ඒ විටින් විට පැවති පාලනාධිකාරියන්හි දැවැන්ත දේශපාලන චරිත සහ කලු නිලධාරීන් විසින් ජාවාරමට මුල් තැන දීම හේතුවෙනි.

කෙසේ නමුත් වත්මන් සභාපති තෙෂාර ජයසිංහගෙ ක්‍රියාකලාපය LPG ක්ෂේත්‍රයේ දැවැන්තයන් මහත් පැසසුමට ලක්කොට තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවා මෙම ගෑස් මාෆියාවට එරෙහිව මැදිහත්වීම තුළින් ඔවුන්ට ලංකාවේ යළි ව්‍යාපාර ක්ෂේත්‍රයට අවතීර්ණ වීම පිළිබඳව විශ්වාසයක් ගොඩනැගී තිබේ. Shell Gas, Royal Gas වැනි ප්‍රබලයින් නව ගිවිසුම සඳහා තම ලන්සු ඉදිරිපත් කිරීමට පවා සූදානමින් සිටින බව අපට වාර්තා වේ.

Twitter පණිවුඩ හරහා පවා ඔවුන්ගේ නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ "ලංකාව දැන් අපට ව්‍යාපාර කටයුතු සඳහා සුදුසුයි" යන ලෙසයි.

ඒ කෙසේ නමුත් ලෝක LPG ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයින් රැසකගෙන් සමන්විත කාවේරි සමූහයේ අපගේ රහස්‍ය ලියුම් කරුවෙකු විසින් අප වෙත දැනුම් දෙනු ලැබුවේ, 2022.02.28 න් අවසන් වන ඕමාන් ට්‍රේඩින් ගෑස් ගිවිසුම තවත් වසර 2ක් සඳහා දික් කරගැනීමට සියලු විධිවිධාන ඉහළ දේශපාලනික පාර්ශවයන් හරහා ඔවුන් දැනටමත් සිදුකොට අවසන් බවත්, එයට ඇති එකම බාධකය වන ලිට්‍රෝ සභාපතිවරයාගෙ අත්සන ඉදිරි දෙසතිය තුළ නොලැබෙන්නේ නම්, සභාපතිවරයා තනතුරෙන් නෙරපා දමන්නට ඇති තරම් මුදල් වියදම් කිරීමට තමන් සූදානම් බවත් ය.

ඇත්තටම සභාපතිවරයාගෙ අත්සන නැතිව ඉහළ දේශපාලනාධිකාරියේ මැදිහත් වීමෙන් මෙම කොමිස් ගිවිසුම දීර්ඝ කිරීමට නොහැකිද යන වග අපගෙ නීතීඥවරයෙකුගෙන් අප අසා සිටියා. 

" ඔයාට ID එක හදාගන්න මුලින්ම ගන්න ඕනා ග්‍රාමසේවකගේ සහතිකය. ග්‍රාමසේවක ඒ සම්බන්ධව ඉන්න පහළම තනතුර උනත් ඔහුගේ සහතිකය නොමැතිව ප්‍රාදේශීය ලේකම්ගෙන් ඒ සහතිකය අරන් ID එක හදාගන්න බෑ නේද? අන්න ඒ වගේ තමයි මේ ව්‍යාපාර ගිවිසුම්. සභාපතිගෙන් සහතිකයක් නොමැතිව කිසිම ඉහළ නිලධාරියෙක්ට මේ ගිවිසුම දීර්ඝ කරන්න බැහැ"

ඕමාන් ට්‍රේඩින් මාෆියාකරුවන්ගේ එම තර්ජනය යතාර්ථයක් කරමින් මාධ්‍ය තුළ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ කසකරුවන් එළිබසිමින් සිටින බව අපට පෙනේ. දැනට අපට ලැබෙන වාර්තා අනුව මේ සම්බන්ධව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් 6 දෙනෙකු සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු පසුබිම සකසමින් සිටියි. ඕමාන් ට්‍රේඩින් ආයතනයේ අප රටේ නියෝජිත ආයතනයෙහි තැරැව්කරු විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකුගේ පුරුකක් බවට සනාථ වී ඇත. මේ සියලු අනාවරණයන් ඉතා කඩිනමින් අපි සිදු කිරීමට බලාපොරොත්තු වෙමු.

මෙම ගිවිසුම සම්බන්ධව පෙර පැවති ස්ථාවරයේම ලිට්‍රෝ සභාපතිවරයා සිටිනවාද යන වග අපි සොයා බැලුවෙමු. එහි නියෝජිතයෙකු හරහා අපට දැනගනු ලැබුවෙ එම ස්ථාවරයෙම ඔහු සිටින බවත්, ටෙන්ඩර් පටිපාටියකින් තොරව කිසිදු අයුරකින් ගිවිසුම දීර්ඝ නොකරන බවත්ය. කෙසේ නමුත් කුමන පාර්ශවයකින් තමන්ට බලපෑම් ආවද එම ස්ථාවරය වෙනස් නොවන නමුදු, යම් අවථාවකදි එම බලපෑම දරා ගැනීමේ සීමාව ඉක්මවන්නේ නම් තමන් එම ධූරයේ කිසිසේත්ම නොසිටින බවත් ය.

එයින් අපට පැහැදිළි වන්නේ ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ ධූරයේ සිටින තාක් ජාවාරම්කාර කොමිස් ගෑස් ගිවිසුම ඔහුගේ අතින් අත්සන් නොවන බවය. 

කෙසේ නමුත් ඔහුට විරුද්ධව ජනමතය ගොඩනැගීමට මාෆියාකරුවන් දැනටමත් සමත් වී හමාරය. ඉල්ලා අස්වෙන්න, ධූරයෙන් ඉවත් කරන්න, ගහලා පන්නන්න වැනි වැනි සටන් පාඨ ජනයා තුළට කාවැද්දවූ දේශපාලන චරිත සහ ඊට දායක වන ජනමාධ්‍ය පිළිබඳව ජනතාව අවධියෙන් සිටිය යුතුය. රටට රුපියල් බිලියන 20ක් පමණ ඉතුරු කිරීමට සැරසෙන රාජ්‍ය නිලධාරියෙකුට මෙසේ පන්න පන්න ගැසීමට තරම් සමාජ විඥානය වෙනස් කර ඇත.

ගෑස් පිපිරීම, ගෑස් හිඟය යන සියලුම ජවනිකාවල නොපෙනෙන මානයක් ඇත. නව ගිවිසුම අත්සන් වන තුරු මෙවැනි තවත් ජවනිකා අපට බලාපොරොත්තු වීමට සිදුවනු ඇත. දේශපාලන බලපෑම, ජනතා විරෝධය හමුවේ නොසැලී රටට බිලියන ගානක් අහිමි වන, ස්විස් බැංකු වල ඩොලර් කෝටි ගණන් තැම්පත් වන කොමිස් ගිවිසුම නවතා දැමීමට හැකි වුවහොත්, ඔය සියලු ජනතා විරෝධයන් ජන ප්‍රසංශාවන් ලෙස යළි ගොඩනැගෙනු ඇත.

මේ අවස්ථාව තීරණාත්මකයි. දූෂණ විරෝධි හඬ ඒ තීරණාත්මක අවස්ථාවේදි එළි බැස ශක්තියක් වීමට සූදානම්. 

දූෂණ විරෝධී හඬ"



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu