gossiplanka alexa "විදුලිය ස්වයංක්‍රීයවම නතර වීමට ඉඩක්, ඉටිපන්දම් එකතු කරගන්න"

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"විදුලිය ස්වයංක්‍රීයවම නතර වීමට ඉඩක්, ඉටිපන්දම් එකතු කරගන්න"

ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයෙකු සති අග පුවත්පතකට පවසා ඇත්තේ මෙරට පවතින ඉන්ධන අර්බුදය සහ වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ‍රැසකට විදුලි කප්පාදුවක් සිදු විය හැකි බවයි.

"මෙරටට අවශය දෛනික විදුලි පරිභෝජනය සඳහා විදුලිය උත්පාදනය කර ගැනීම මේ ආකාරයට ගැටළු සහගත වීම මත කාර්යබහුල වේලාවන්හි දී විදුලු ඉල්ලුම ඉහළ ගියහොත් විදුලිබල පද්ධතියේ හදිසි බිඳවැටීමක් අපේක්ෂා කල හැකියි. මෙම තත්ත්වය විදුලි බලාගාරවලට අවශය ඉන්ධන සපයා ගැනීමෙන් වළකා ගත හැකියි. එසේනොවී වියළි කාලගුණික තත්ත්වය වර්ධනය වුවහොත් මේ මස තෙවන සතියේ පමණ සිට දිවයින පුරා විටින් විට විදුලි කප්පාදුවක් සිදුවීමට ඉඩ තියනවා" යැයි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයා පවසා තිබෙනවා. 

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා මේ පිළිබඳව සති අග පුවත්පතට දක්වා ඇත්තේ මෙවන් අදහසක්. 

"මාස 4කට 5කට වගේ සෑහෙන්න ගල් අඟුරු ගෙනවිත් තියනවා. දැන් ජලාශවල තිබෙන ජලය හිඳී යනවා. පසුගිය දවස්වල ශ්‍රී ලංකාවට ලොකු බලපෑමක් ඇති වුණේ නැත්තේ ජල පෝෂකවලට ලැබුණු ජලයෙන් විදුලිය නිපදවන්න ලැබුණු නිසා. ජල විදුලියෙන් 40%ක පමණ විදුලි ධාරිතාවක් නිපදවගන්න අපේ රටට අවස්ථාව ලැබිලා තිබුණා. ඉතුරු 60% තාප විදුලි බලාගාරවලින්, ගම් අඟුරු සහ ඩීසල්වලින් තමයි අපි උත්පාදනය කර ගත්තේ. 

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ලැබුණු මෙගාවොට් 160ක් නවත්තන්න සිද්ධ වුණේ තෙල් සංස්ථාව තෙල් දෙන්නෙ නැති නිසා. අද හෙට ඉන්දියානු තෙල් සමාගමක් එක්ක ගිවිසුමක් ගැහුවොත් අනිවාර්යයෙන් ඒ සමාගම කොන්දේසියක් දමාවි ඇමරිකාවට විතරක් නෙමේ අපිටත් බලාගාර ටික දෙන්න කියලා. ඔවුන් කියාවි අපේ ඉන්ධනවලින් බලාගාර දුවවලා අපි විදුලිය දෙන්නම් කියලා. ඒ කියන්නෙ අපිට අනතුරක් තියනවා බලාගාර ටිකත් ඉන්දියාවට දෙයි ද කියලා.

බලශක්ති ක්ෂේත්‍රය කිව්වම තෙල් වගේම විදුලියත් අයිතියි.  දැන් ගල් අඟුරු ගේන්න අපට ඩොලර් නෑ. බෙහෙත් ගේන්නත් සල්ලි නැතුව ගල් අඟුරු ගේන්නේ කොහොමද ? 

කොයි මොහොතක හරි අනිවාර්යයෙන්ම රටේ විදුලිය ස්වයංක්‍රියවම නතර වෙනවා. ජනතාවට කියන්න තියෙන්නෙ දැන්ම ඉදලා පෝලිමේ ඉන්නෙ නැතුව අවශ්‍ය කරන ඉටි පන්දම් එහෙම එකතු කරගන්න කියලා. මොකද ඒ දවස් වෙනකොට ඒවත් ගණන් යයි. වෛද්‍යවරයෙකුට කියන්න පුළුවන් පිළිකාවක් හැදුණු අයෙකු කොච්චර කල් ජීවත්වෙනවද කියලා. ඒවගේම අපිටත් දැනෙනවා ඉස්සරහට එන අර්බුදයේ තරම"

උපුටා ගැනීම : මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu