gossiplanka alexa ජීවිත සටන නිමකල සිනමාවේ සටන් නළුවා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජීවිත සටන නිමකල සිනමාවේ සටන් නළුවා

සිංහල සිනමාවේ දැවැන්ත චරිතයක් වූ සටන් නළුවෙකු ලෙස නම් දරා සිටි රොබින් ප්‍රනාන්දු මහතා අද උදෑසන සිය ජීවන ගමනින් සමුගත්තා. මිය යන විට රොබින් ප්‍රනාන්දු මහතා 84 වන වියේ පසු වූවා. 

1937 ජූනි 15 වන දින කොටහේනේ උපන් පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු පවුලේ තුන්වන දරුවා වුණා. ඔහුගේ පියා වූ සිරිල් ඇන්තනි මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මෙන්ම එම්.ඩී ගුණසේන සමාගමේ මුද්‍රණ අංශයේ ප්‍රධානියා ලෙස ද සේවය කලා. ඔහුගේ මව වූ වයලට් ඇන්තනි ‍රැකියාවක නිරත වූයේ නැහැ. වැඩිමහල් සහොදරියන් දෙදෙනෙකු සහ බාල සහෝදරියන් දෙදෙනෙකු සිටින පවුලේ එකම පිරිමි දරුවා වූයේ රොබින් ය. 

කොළඹ ශාන්ත සෙබස්තියන් පාසලෙන් අධ්‍යාපනය හැදෑරූ රොබින් කරාටේ, ජිම්නාස්ටික් වැනි ක්‍රීඩා වලට දක්ෂතාවයක් දැක්වූවා. පාසැල් අධ්‍යාපනය නිමා කල ඔහු 1963 දී කොළඹ මැක්වුඩ් සමාගමේ සේවයට බැඳුණා. 1964 ඔක්තෝබර් 14 වන දින ඔහු වයලට් ජයවීර සමඟ විවාහ දිවියට පා තැබුවා.

ආරියරත්න කහවිට ශූරින් විසින් රොබින් ප්‍රනාන්දු මහතාව චිත්‍රපට අධ්‍යක්ෂක ටයිටස් තොටවත්ත මහතාට හඳුන්වා දීමෙන් අනතුරුව "හිඟන කොල්ලා" හරහා  ඔහු ප්‍රථම සිනමා භූමිකාවට දායක වුණා. ඉන්පසු ආරියරත්න කහවිට ශූරීන් විසින් ඔහුව චණ්ඩියා චිත්‍රපටයට ‍‍තෝරාගනු ලැබුවා. නමුත් එම චිත්‍රපටය 1965 දී තිරගත වූයේ ඔහුගේ දෙවන චිත්‍රපටය වූ "ධීවරයෝ" 1964දී තිරගත වීමෙන් පසුවයි. 1965 වසරේ දී ඔහුගේ මංගල චිත්‍රපටයේ සිට ඔහු සිංහල චිත්‍රපට 100කට පමණ සිය දායකත්වය ලබා දී තිබෙනවා. 

1983 වසරේ දී රොබින් ප්‍රනාන්දු මහතා සිය ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය සිදු කලේ "සුර දුතියෝ" චිත්‍රපටය හරහායි. ඔහු එයට සත්‍ය සිදුවීම් පාදක කර ගත්තා. ඔහුගේ අවසන් සිනමා අධ්‍යක්ෂණය වූයේ "නින්ජා ශ්‍රී ලංකා" ය. ඒ 1997 වසරේ දීයි. 

ඔහු ප්‍රථමයෙන් රූපවාහිනි රංගනයට දායකත්වය සැපයූයේ ශ්‍රියානි අමරසේන මහත්මියගේ "ඉරබට තරුව" ටෙලිනාට්‍යටයි. එය රූගත කර ඇත්තේ එංගලන්තයේ දීය. ඉන්පසු චන්ද්‍රා මායා, හංගිමුත්තම්, පාරාදීසය, බෝගල සවුන්දිරිස්, බෝපත් සාක්කිය, දාමිණී, හිමරාත්‍රිය, පුෂ්පරාග, සෙක්කු ගෙදර ආදී ටෙලි නාට්‍ය ‍රැසක ඔහු රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. 

robin fernando passed away

robin fernando passed away

robin fernando passed away

robin fernando passed away

robin fernando passed away











ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu