gossiplanka alexa වුහාන් විද්‍යාඥයින් සොයාගත් කොවිඩ් වෛරසයට වඩා දරුණු වෛරසය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වුහාන් විද්‍යාඥයින් සොයාගත් කොවිඩ් වෛරසයට වඩා දරුණු වෛරසය

චීනයේ වුහාන් නගරයේ විද්‍යාඥයින් පිරිසක් විසින් කොවිඩ් වෛරසයට වඩා භයානක වූ වෛරසයක්  හඳුනාගෙන තිබෙනවා. මෙම වෛරසය හමුවී ඇත්තේ දකුණු අප්‍රිකාවේ වෙසෙන වවුලන්ගෙන්.

2012-2015 වසරවල දී මැදපෙරදිග රටවලින් වාර්තා වූ මර්ස් (MERS-CoV) නම් වෛරසයේ විකෘතියක් ලෙස මෙම නව වෛරසය හඳුනාගෙන ඇති අතර විද්‍යාඥයින් විසින් එය NeoCoV නමින් නම් කර තිබෙනවා. වෛරසය ඉක්මණින් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති බවත් එමඟින් ඉහළ මරණ අනුපාතයක් ඇති විය හැකි බවත් විද්‍යාඥයින් පෙන්වා දෙනවා. වෛරසය ආසාදනය වූ සෑම පුද්ගලයින් තිදෙනෙක්ගෙන්ම එක් අයෙකු මරණයට පත් වීමේ සම්භාවිතාවක් පවතින බවයි ඔවුන් අනාවරණය කරගෙන ඇත්තේ. 

කෙසේ වෙතත් මේ දක්වා මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයින් කිසිවෙක් හඳුනාගෙන නොමැති අතර වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කීරීමට අවශ්‍ය බව විද්‍යාඥයින් වැඩි දුරටත් පවසා තිබෙනවා. යම් හෙයකින් වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වුවහොත් එය කොවිඩ් වෛරසයට වඩා වැඩි හානියක් ලොවට ඇති කරන බවයි විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu