gossiplanka alexa ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමේ දී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමේ දී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු

ගෑස් සිලින්ඩරයක් මිල දී ගැනීමේ දී ජනතාව සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් බලශක්ති විශේෂඥයන් දැනුම් දීමක් කර තිබෙනවා.

ඒ අනුව, ගෑස් සිලින්ඩර මිල දී ගැනීමේ දී එහි මුදුනත ඇති වෑල්වය අවුරුදු 5ක් ඇතුළත වෙනස් කර ඇති දැයි සැලකිලිමත් වන ලෙස ජනතාවට දන්වා සිටිනවා. එසේම ගෑස් සිලින්ඩරය ද වසර 5ක් ඇතුළත ප්‍රමිතිය පරීක්ෂා කර තහවුරු කල යුතු බැවින් ගෑස් සිලින්ඩර මිල දී ගැනීමේ දී සිලින්ඩරයේ සටහන් කර ඇති දිනය සම්බන්ධයෙන් ද සැලකිලිමත් වන ලෙස බලශක්ති විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර නව ලේබලය යටතේ නිකුත් කරන ලද ගෑස් සිලින්ඩරයක් ද පුපුරා යාමේ සිද්ධියක් වාර්තාවනවා. ඒ පිළිබඳව ද පරීක්ෂණයක් පවත්වන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. එසේම පරීක්ෂණ සඳහා ගෑස් නියැඳි ලබාගෙන එහි වාර්තා ලැබීමෙන් පසු පමණක් ගෑස් ගබඩා කිරීමට අවසර ලබ දී තිබෙන බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටිනවා. 

තවත් ගෑස් ‍රැගත් නෞකාවක් අද දිනයේ මෙරටට ළඟාවීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu