gossiplanka alexa සිංහල සිනමාවේ "බොක්ස් ඔ‍ෆිස් රජු" දිවියෙන් සමුගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිංහල සිනමාවේ "බොක්ස් ඔ‍ෆිස් රජු" දිවියෙන් සමුගනී

සිංහල සිනමාවේ "බොක්ස් ඔ‍ෆිස් රජු" ලෙස හඳුන්වන සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම නළුවෙකු, නිෂ්පාදකයෙකු හා තිර කතා රචකයෙක් ලෙසද කටයුතු කල  සුනිල් සෝම පීරිස් මහතා චිත්‍රපට 54කට අධ්‍යෂනයෙන් දායක වී තිබෙනවා. 

ඔහු විසින් අධ්‍යක්ෂනය කල අවස්වන් චිත්‍රපටය වන්නේ ජයපිට ජය (2010) චිත්‍රපටයයි. ඔහු අධ්‍යක්ෂණය කළ ඔබට දිවුරා කියන්නම්, ජය අපටයි, මමයි රජා, රජ වැඩකාරයෝ, යුක්තියට වැඩ , දිනුම, ඔබටයි ප්‍රියේ ආදරේ යන චිත්‍රපට හත පිට පිටම දින සියය ඉක්මවා තිරගත විය.  ඔහුගේ සියළුම චිත්‍රපට දින 50 ඉක්මවා ආරම්භක ප්‍රදර්ශන සිනමා ශාලාවල තිරගත වුණා. 

ඔහුගේ ඔබට දිවුරා කියන්නම්, රජ වැඩකාරයෝ, මමයි රජා  චිත්‍රපටවල ඔහු රංගනයෙන් දායකත්වය සපයා තිබෙනවා. 

1997 වර්ෂයේ දී සුනිල් සෝම පීරිස් මහතා දේශපාලනයට සම්බන්ධ වූ අතර ඔහු මහරගම නගර සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වුණා. 

මිය යන විට සුනිල් සෝම පීරිස් මහතා 72 වන වියේ පසු වූවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu