gossiplanka alexa ශ්‍රී ලංකාව මන්දපෝෂණ අවදානමක, පෝෂණ ඌනතාව නිසා කොවිඩ් වලින් මාරක බලපෑම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාව මන්දපෝෂණ අවදානමක, පෝෂණ ඌනතාව නිසා කොවිඩ් වලින් මාරක බලපෑම්

මස්, මාළු, කිරි, බිත්තර, එළවළු, පළතුරු ආදී පෝෂ්‍යදායී ආහාරවල මිල ගණන් ඉහළ යාම පුද්ගලයින් බොහෝ දෙනෙකු සිය ආහාර වේල් සිමා කිරීමට හෝ ආහාරයට එක් කර ගන්නා ප්‍රමානය සීමා කිරීමට පෙළඹී සිටිනවා. ඒම් හේතුව නිසා ඉදිරි මාස කිහිපය ඇතුළත මෙරට දරුවන් ඇතුළු වැඩිහිටි ප්‍රජාව ද දැඩි මන්දපෝෂණ තත්ත්වයකට මුහුණදීමේ සහ පහසුවෙන් රෝගවලට ගොඳුරු වීමේ වැඩි අවදානමක් පවතින බව පෝෂණවේදීන් පෙන්වා දෙනවා. 

වසංගතයක් පැතිරයන මෙවන් අවස්ථාවක ජනතාව පෝෂණය පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතු වුවත් පවතින මිල ගණන් හමුවේ එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ආහාර ගත යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කළ ද එය අනුගමනය කිරීමේ දී ඇතිවන ගැටළු හේතුවෙන් ජාතික වශයෙන් ජනතාවගේ පෝෂණය සම්බන්ධව ඉදිරියේ දී ගැටළු මතු විය හැකි වන බවයි පෝෂණවේදීන් පෙන්වා දෙන්නේ. 

කෙතරම් එන්නත් ලබා ගත්තත් ශරීරයේ අභ්‍යන්තරයේ පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමට නිසි ආහාරවේලක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම කුඩා දරුවන්ට එනනත්කරණය සිදු නොවන නිසා ඔවුන්ගේ ප්‍රතිශක්තිය සඳහා පෝෂණය අත්‍යාවශ්‍යම කරුණක්. පෝෂණ නිර්දේශයන්ට අනුව එක් පුද්ගලයෙක් දිනකට ග්‍රෑම් 400 (පිසින්නට පෙර) බරකින් යුතු එළවළු, පළතුරු ප්‍රමාණයක් පරිභෝජනය කළ යුතුයි. තුන් දෙනෙක්ගෙන් යුත් පවුලක් නම් දිනකට එළවළු පළතුරු කිලෝ එක හමාරක ප්‍රමාණයක්වත් එකතු කර ගත යුතුයි. 

පැතිරයන කොවිඩ් වෛරස වසංගත තත්ත්වය හමුවේ පෝෂණ ඌනතාවයෙන් පෙළෙන පිරිසට වෛරසය ආසාදනය වුවහොත් දරුණු රෝගාබාධ පවා මතු විය හැකි බව වයඹ සරසවියේ මානව පෝෂණවේදී මහාචාර්ය රේණුක සිල්වා මහතා පවසනවා. අවුරුදු පහට අඩු සෑම දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බව සහ සමස්ථ මන්දපෝෂණයෙන් පෙළෙන ප්‍රමාණය 18.3%ක් බවත් දැනට අනාවරණය කර ගෙන තිබෙනවා. ඉදිරියේ දී උපදින දරුවන් බුද්ධි මට්ටමින් අඩු දරුවන් ලෙස උපත ලැබීමට වැඩි ඉඩක් ඇති බව ද මහාචාර්යවරයා පෙන්වා දෙනවා. 

එළඹෙන අප්‍රේල් මාසය වන විට මෙරට ආහාර හිඟයක් ඇති වන බව විද්වතුන් දැනටමත් අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu