gossiplanka alexa තිරුක්කෝවිල් පොලිසීයේ සිදු වූ වෙඩි තැබීමට හේතුව හෙළිවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තිරුක්කෝවිල් පොලිසීයේ සිදු වූ වෙඩි තැබීමට හේතුව හෙළිවෙයි

අම්පාර තිරුක්කෝවිල් පොලීසියේ නිලධාරීන් හතරදෙනෙකුට මරු කැඳවූ වෙඩි තැබීම සිදු කල පොලිස් සැරයන්වරයා ඔහුගේ ගම් ප්‍රදේශය වන ඇතිමලේ පොලීසියට භාර වී තිබුණා. එහිදී ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුව අත් අඩංගුවට ගෙන විමර්ශන කිරීම සඳහා අම්පාර මූලස්ථාන පොලීසියට භාර දී තිබෙනවා. 

මූලික විමර්ශන අනුව මෙම වෙඩි තැබීමට හේතු වී ඇත්තේ පොලිස් සැරයන්වරයාට නිවාඩු ලබා නොදීම නිසා ඇති වූ ප්‍රශ්නයක්. එයින් උරණ වූ පොලිස් නිලධාරීවරයා එම නිලධාරීන්ට වෙඩි තබා තිබුණා. 

ඊයේ (24) රාත්‍රී 10ත් 11ත් අතර කාලයේ දී මෙම සිද්ධිය සිදු වී තිබෙන බව සඳහන්. එම අවස්ථාවේ පොලිස් ස්ථානයට පැමිණි සැරයන්වරයා ප්‍රධාන දොර‍ටුවේ රාජකාරි කළ පොලිස් නිලධාරියාගෙන් ගිනි අවිය උඳුරාගෙන එම ගිනි අවියෙන් පොලිස් ස්ථානයේ සිටි නිලධාරීන්ට වෙඩි තබා ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ. 

වෙඩි තබන අවස්ථාවේ දී ස්ථානාධිපතිවරයා රාජකාරි කටයුත්තක් වෙනුවෙන් පොලිස් ස්ථානයෙන් බැහැරව ගොස් සිටි අතර ජීප් රථයෙන් පොලීසියට පැමිණෙන විට සැකකාර සැරයන්වරයා ජීප් රථයට ද වෙඩි තබා තිබෙනවා. 

වෙඩි තැබීමෙන් එම ස්ථානයේ දීම පොලිස් නිලධාරීන් තිදෙනෙක් මිය ගොස් තිබුණා. තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිරවයා ඇතුළු දෙදෙනෙක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් පොලිස් නිලධාරියෙක් රෝහලේ දී මිය ගියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu