gossiplanka alexa ප්‍රියන්ත පෝස්ටරය ගැලවූයේ ඇයි ? ඝාතනය පි‍ටුපස පළිගැනීමේ චේතනාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රියන්ත පෝස්ටරය ගැලවූයේ ඇයි ? ඝාතනය පි‍ටුපස පළිගැනීමේ චේතනාවක්

කිස්තානයේදී අමානුෂීය ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළවුණා. පකිස්තාන මාධ්‍යවල පළ වූ වාර්තාවලට අනුව මෙම සිද්ධිය වූ දිනයේ ප්‍රියන්ත සහ කර්මාන්ත ශාලාවේ ඇතැම් සේවකයින් අතර ගැ‍ටුමක් ඇතිව තිබුණේ එම ස්ථානයේ අලවා තිබූ ආගමික පෝස්ටරයක් ඉවත් කිරීමට ප්‍රියන්ත ක්‍රියා කිරීම නිසාය. 

Geo TV නැමති නාලිකාව විවිධ මූලාශ්‍ර උපුටා දක්වමින් වාර්තා කර තිබුනේ කර්මාන්ත ශලාව අලුතින් හුණු පිරියම් කිරීමේ සූදානමක් තිබූ නිසා ප්‍රියන්ත එහි තිබූ පෝස්ටර් ඉවත් කිරීමට පියවර ගෙන තිබූ බවයි. මේ අතර එක් පෝස්ටරයක් ආගමික කටයුත්තක් පිළිබඳ පෝස්ටරයක් වූ බවත් එහි ඉස්ලාම් වැකි සටහන්ව තිබූ බවත් මාධ්‍ය වර්තා කලා. 

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට සම්බන්ධ හේතුව එය ලෙස පෙන්වා දුන්නත් ඊට ආසන්නම හේතුව ලෙස වෙනත් කරුණක් දැනට පෙනෙන්නට තිබෙනවා. ඒ එම ඇගලුම් කර්මාන්තශාලාවේ දින කිහිපයක සිට පැවති වැඩ වර්ජනය සහ ඒ තත්ත්වය සමනය වූ පසුව හටගත් පවිත්‍රතා කටයුතු සම්බන්ධ ප්‍රශ්නයක්. 

පවිත්‍රතා කටයුතු සිදු නොකල සුළු සේවකයෙකුට ප්‍රියන්ත කුමාර මහතා දොස් පවරා තිබෙනවා. ඒ දොස් පැවරීම ආගමික අන්තවාදය කරා ගෙන ගොස් අමන සේවකයින් උසි ගන්වනු ලැබ ඇත්තේ කළමනාකාරවයා ගැන හටගෙන තිබූ වෛරය පළිගැනීමකට හරවාගෙනය. 

පෝස්ටරය ඉවත් කිරීම සම්බන්ධයෙන් සමහර සේවකයින්ගේ විරෝධය පල වී තිබුණේ 3 වෙනි දින පෙරවරු 10.30ට පමණය. කර්මාන්තශාලාවේ හිමිකරු පැමිණ මෙම සිද්ධිය සමතයකට පත් කිරීමට පියවර ගෙන තිබුණා. එයින් පසු සේවකයින් විසිර ගොස් තිබූ බවයි සඳහන් වන්නේ. 

නමුත් ඉන් ටික වේලාවකට පසුව යම් සේවකයින් පිරිසක් සහ තවත් කණ්ඩායමක් එක්ව ප්‍රියන්ත කුමාර මහතාට පහර දීමට පටන් ගෙන තිබෙනවා. ඒ අවස්ථාවේ දී ප්‍රියන්ත කුමාර මහතා එම ගොඩනැගිල්ලේ වහලය මතට නැඟී සැගවී සිටියත් ප්‍රහාරකයින් එහි ගොස් ඔහුට පහර දුන් බව මාධ්‍ය වාර්තා කරනවා. 

මෙසේ පහර දෙන අවස්ථාවේ දී ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් පෙනී සිටිමින් ඔහුව බේරා ගැනීමට උත්සාහ කල මලික් අද්නාන් නැමති පුද්ගලයා ප්‍රහාරකයින්ට පවසා ඇත්තේ ප්‍රියන්ත උර්දු භාෂාව කියවන්නට හෝ ලියන්නට නොදන්නා බවත් ඒ නිසා ඔහුට පෝස්ටරයේ ඇති දේ නොවැටහෙන බවත් ය.  නමුත් ප්‍රහාරකයින් ඒ කිසිවකට නතර නොවී ප්‍රියන්ත කුමාර මහතාට අමානුෂිය ලෙස පහර දී පුළුස්සා දමා ඝාතනය කලා. 

දැනට ලැබී ඇති තොරතුරු අනුව ප්‍රියන්ත මහතා මරා දැමීම පි‍ටුපස ඇත්තේ හිතාමතාම සංවිධානය වී කළ පළිගැනීමකි. පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා ද පොලීසියට උපදෙස් දී ඇත්තේ වරදකරුවන් අත් අඩංගුවට ගෙන නීතියෙන්  ලැබිය යුතු උපරිම දඬුවම් දෙන ලෙසය. 

ප්‍රියන්ත කුමාර මහතා අමානුෂීය ලෙස ඝාතනය කල ඝාතකයින්ට නීතියෙන් නිසි දඬුවම් ලැබීම සියළු දෙනාගේම බලාපොරොත්තුවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu