මෙසේ වෙළඳපොළෙන් ලක්ෂ දෙක හමාරක ගෑස් සිලින්ඩර එකතුකර ගැනීමට හැකි වන බවත් එසේ එකතු කරගන්නා ගෑස් සිලින්ඩර වලින් එක් දිනකදී ගෑස් ඉවත් කිරීමට හැකියාව ඇත්තේ සිලින්ඩර 100ක පමණක් බවත් ලිට්‍රො ගෑස් සමාගම විසින් පාරිභෝගික සේවා අධිකාරියට දැනුම් දී තිබෙන බව සඳහන්. එම නිසා ඉදිරියේ දී වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය ගෑස් සිලින්ඩර හිඟයක් ඇති වීමට හැකි බව සමාගම අනුමාන කරනවා.
එකතු කළ සිලින්ඩරවලට කළ යුතු දේ පිළිබඳව විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා, ගෑස් සමාගම් සමග සාකච්ඡා කර තීරණයක් ගනු ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පවසා සිටින්නේ.