gossiplanka alexa 2022 අයවැය වැඩි ඡන්ද 93කින් සම්මතයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2022 අයවැය වැඩි ඡන්ද 93කින් සම්මතයි

2022 අයවැය වැඩි ඡන්දයෙන් අද 93කින් සම්මත වුණා, එයට පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 64ක් ලැබුණා. ඒ අනුව 2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරනු ලැබුවා. 

මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පසුගිය ඔක්තෝබර් 7 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර පසුගිය නොවැම්බර් 12 වන දින ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා ( අයවැය කථාව ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මේ අනුව දින හතක විවාදයක් පැවැත්වීමෙන් අනතුරුව නොවැම්බර් 22 දින දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණ අතර එය වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 153 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60 ක් ලැබුණා.

ඉන් අනතුරුව නොවැම්බර් 23 දින සිට අද ( 10 ) දින දක්වා පැවති කාරක සභා අවස්ථාවේදී එක් එක් අමාත්‍යාංශවල වැය ශීර්ෂය විවාදයට ගැනීම හා සම්මත කිරීම සිදු වුණා. මේ අනුව අද දින තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණු අතර එහිදී සංශෝධන සහිතව විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

මේ අනුව අද ( 10 ) දිනම පස්වරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කරනු ලැබුවා. ඒ අනුව අද දින සිට 2021 අංක 30 දරන විසර්ජන පනත වශයෙන් මෙය බලාත්මක වනු ඇති. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu