gossiplanka alexa රාජ්‍ය සේවකයින්ගේ වැඩ වර්ජන දිවයින පුරා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය සේවකයින්ගේ වැඩ වර්ජන දිවයින පුරා

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති කිහිපයක් අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා. ඒ රුපියල් දස දහසකින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින්. එසේම අද රාජ්‍ය සේවකයින්ගේ වෘත්තීය සමිති කිහිපයක් වෘත්තීය ක්‍රියා මාර්ගවල නියැලීමට කටයුතු කරනවා. 

  • තැපැල් කාර්යාල ‍රැසක් අද වසා තැබෙනවා. 
  • වරාය සහ ලංකා විදුලි බල මණ්ඩලයට අයත් වෘත්තීය සමිති අද අසනීප නිවාඩු වාර්තා කර කොළඹ දී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතයි. ඒ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් සහ ජාතික සම්පත් විකිණීමට එරෙහිවයි.
  • සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය අයත් සෞඛ්‍ය සේවකයින් අද සිට පළාත් මට්ටමින් වර්ජනවලට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා. වැටුප් විෂමතා ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් ඔවුන් එසේ වර්ජනය සිදු කරනවා. අද වයඹ පළාතත් හෙට මධ්‍යම පළාතත් අනිද් දා ඌව පළාතත් ආවරණය වන පරිදි සියලු රෝහල්වල පෙරවරු 7 සිට පැය 24ක වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කරන්නේ. එසේම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය ඇතුළු වෘත්තීය සමිති 16කට අයත් සෞඛ්‍ය සේවකයන් ද එක් වීමට නියමිතයි.
  • අද පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා සමස්ත ලංකා ආයූර්වේද සුවසේවා සංගමයට අයත් බොරැල්ල ආයූර්වේද ශික්ෂණ රෝහලේ ආයුර්වේද සෞඛ්‍ය සේවකයින් සේවයෙන් ඉවත් වීමේ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. 
  • මේ අතර ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය ද වැටුප් වැඩිවීමක් අපේක්ෂා කරනවා. එසේ වැ‍ටුප් වැඩි වීමක් සිදු නොවුණහොත් ඉදිරියේ දී නොදන්වාම වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බව ඔවුන් පවසනවා.

                         

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu